Saturday, April 11, 2020

සිසු විරුවෝ හා නූතන විද්‍යාර්ථීන්

සිව් වසකට පසුව මා යතුරුපුවරුව අතට ගනු ලැබුවේ මහත් වූ සිත් තැවුලකිනි.
පාලකයා විසින් පරපුරක කොඳු නාරටි මුලුමනින්ම උදුරා ඒ වෙනුවට පොල්පිති නාරටි සවි කරනා ලදුව, උන් මේ රටෙහි විනාශයට මහත් අභිමනින් පණපොවනට මොහොතකට මත්තෙනි. 
මෙය උන්ගේ වැරැද්දම යැයි කීමටද මා සිත මැලි වේ. අප මෙන් පොත්, පත්තර කෑලි කියවන්නට ආදරය නොවූ, නමුත් මොබයිල් ෆෝනයෙහි ෆේස් බුකියෙහි මුහුණ ඔබා කාලය ගෙවා දැමීමට ආදරය කරන්න උන්ගේ කාලකණ්ණි කමට පමණක් බාර දීමට සිත් නොවේ. 
උන්ට ඉතිහාසය කියා නුදුන් අප සතුවද යම් වගකීමක් මෙහි රැදී පවතී.
එමෙන්ම පාලකයා විසින් නවකවදය වැළැක්වීම මුවාවෙන් විද්‍යාර්ථීන් ගේ ඉතිහාසය වළලා දැමුවේද, එකී විද්‍යාර්ථීන් ගේ නොමනා ක්‍රියාකලාපයෙන් ම බැව් ද නොරහසකි.


විශ්ව විද්‍යාල තුලින් බිහිවූයේ විද්වත් පිරිසක් වුවද, උන් රැකියා වෙළඳපොල සඳහා යාමේදී, නූගතුන්ගේ දෙපා සිප හෝ ලෙවකා සිටීමට සිදුවීමම ඛේදයකි.
යකාගේ ලෙස වූ විමානය, පාර්ලිමේන්තුව; ලංකාවේ සිටිනා හොරු රැලක් විසින් සාදනු ලැබූ දේශපාලන ප්‍රවාහයේ එක් සංධිස්ථානයකි. 
නොදැනුවත්ව හෝ දේශපාලන සිඟන්නන් වූ නුබත් මමත් එහි කොටස්කරුවෝ වෙති. දැන් කළහැක්කක් නොමැත. 
අපිද මෙම කාලකන්නි නිර්ලජ්ජිත රැල්ලේ නොගියෝතින් මෝඩයන් වෙනු ඇත. 
නමුත්, යමක් ඉගනගත්තවුන්, රටේ සිදුවන සෑම දෙයක් දෙසම වෙනස් කෝණයකින් බලන්නට හැකි වුන් වූ අපද, උන් කරනා දෙයෙහි සත්‍ය නොසොයා සිටින්නේ නම්, අප වෙනුවෙන් ජීවිත් කැප කළ මිනිසුන් හට සිදුකරනා වූ මහත් අසාධාරණයක් ලෙස මට සිතේ.


සත්‍ය කුමක්දැයි නුබට කිවයුතු නොවේ. මන්ද සත්‍ය වටහා ගැනීමට නොහැකි නම් නුබ උසස් අධ්‍යාපනය ලැබීමට නොහැක්කෙකි. නුබ සත්‍ය දනී. 
නුබට දේශපාලන කාලකණ්ණින් කරන්නාවූ සෑම ක්‍රියාවක් දෙසම වෙනස් කෝණයකින් බැලීමට හැකියාවක් ඇත. 
ඇබිත්තක් මනස වෙහෙසුවා නම් උන් කරනා වූ සියලු ක්‍රියාවන්හි යටි අරමුණු සොයාගැනීමට හැක. මොකද නුඹ සාමාන්‍ය මිනිසෙකුට වඩා වෙනස් එකෙකි. හරියටම නුඹ සිතුවේ නම්, එලෙස හිතීමට කාලයක්, අවැසිතාවයක් නොමැති කරවූයේද මේ පාලකයාගේ දේශපාලන ගේම් එකකින්ම බව සිතා ගැනීමට හැකිවනු නොඅනුමානය. (සියලුම දේශපාලන පක්ශ එකක් ලෙස ගෙන, උන් පාලකයන්, අපි පාලිතයන් ලෙස සිතා බලන මෙන් ඉල්ලා සිටිමි)


මීට වසර 40 කට පමණ පෙර සිදුවූ සිදුවීම ගැන කෙටියෙන් කීමට කැමැත්තෙමි.
1981 වර්ශයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා වූ ජේ.ආර්. ගේ  ධවල පත්‍රිකාවෙන් ලංකාවේ නිදහස් අධ්‍යාපණය ගලවා ගැනීමට එකල විද්‍යාර්ථීන් හට මහත් පරිශ්‍රමයකින් හැකි විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලය (නොහොත් අන්තරේ) මූලික කර ගොඩනැගුණ සිසු පවුර බිඳලීමට ජේ.ආර්. හට නොහැකි විය. මෙකල 2017 - 2018 , අන්තරේ උන් හා වෛද්‍ය සිසුන් එකතුව සයිටම් ආයතනයත්, එය බේරා ගැනීමට දත කෑ රාජිත ඇතුලු  UNP ආණ්ඩුවත්, නිර්මාණය කළ එස්.බී. ඇතුලු පොදුපෙරමුණත් පරාජිය කිරීම, ඉතිහාසය නැවත් නැවත සිදුවේ යන්නට උදාහරණයකි. UNP,පොදුපෙරමුණ එකක් බවත්, උන් එකම දෙයක් වෙනුවෙන් පෙනී සිටින කපටින් බවත් පැහැදිලිය.
........................................................................
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී......

පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුනි...

මිළ මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුබ සෙත සලකා මළෝය උන් සැම

විශාරද නන්දා මාලිනියන් විසින් ගයන ලද රචකයෙකු නොදත් එම ගීතය සියල්ලම පවසා සිටී.
......................................................................
1)  රෝහන වීරසූරිය සොහොයුරා 


ලංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම සිසු ඝාතනය ලෙස, 1976 නොවැම්බර් 12 පේරාදෙණිය සරසවි බිමේදී ඔබ, මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැද දිවි පිදුහ.

 2) සරත් කොල්ලුරේ සොහොයුරා 


1989 නොවැම්බර් මස 03 වන දින මාතලේදී නුඹව කෲරතර ලෙස මරා දමා තිබුනා. කොළඹ වෛද්‍ය පීඨයට 85/86 අධ්‍යයන වර්ෂයට පැමිණි නුඹ චතුර කථිකයෙක්, දක්ෂ සංවිධායකවරයෙක්.
ත්‍රිමා මරාදැමුණ දිනයේ ආරක්ෂක ප්‍රධානීන් සමග ගැටී දේහය පීඨයට රැගෙන අවමගුල් කටයුතු සිදු කරේ ඔහුගේ සංවිධානයෙනි.

3) පද්මසිරි ත්‍රිමාවිතාන  සොහොයුරා




4) වෙනුර එදිරිසිංහ සොහොයුරා


5) පද්මසිරි අබේසේකර සොහොයුරා 


6) නිමල් බාලසූරිය සොහොයුරා 


7) නිශ්මි මොහොමඩ් සොහොයුරා 





8) රංජිතම් ගුණරත්නම් සොහොයුරා


මෙකී නොකී නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීමෙහිලා තම දිවිය කැප කරන ලද විරුවන් සහසක් ඇත. ඉතින්, නිදහස් අධ්‍යාපණයෙන් ඉගනගත් උබත් මමත් එම විරුවන් හට සදා ණයගැති වන බැව් සිතේ තබාගෙන සිටිය යුතුය. යමෙකු ඔවුන් ගැන නොදැන සිටීම විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස ලැජ්ජාවට කාරණයකි.
නිදහස් අධ්‍යාපණය සුරැකීමෙහිලා, මුකුත් නොකරාට කම් නැත. නමුත් යම් රජයේ (නිදහස්) විශ්වවිද්‍යාලයකින් ඉගනගත් නුබ, එය රැක ගැනීමට තම දිවි පූජා කළ විරුවන් හට අපහාස කරන්නේ නම්, නුබ ගුණමකුවෙකු බව සිතෙහි තබා ගත යුතුමය.


https://www.facebook.com/kannangaradharuwo/

~ ස්තූතියි ~