Sunday, September 28, 2014

ප්‍රයිවට් කැම්පස් හා රටේ වෙද්දු

ඕං… දැන් ජඩයා කරන්න හදන්නෙ පශ්චාත් අතවර පරීක්ෂණයක්. ඒ මොකද දැන් අපේ නිදහස් අධ්‍යාපනය අතවරයට ලක්වෙලා ඉවරයි. ඉතින්..ඒක ගැන පොඩ්ඩක් බලමු…කවුද කරේ සහ කවුද කරන්න උදවුකරේ කියල.

නෑ… මුලින්ම බලමු රටේ කැම්පස් ටිකට අපේ රටේ ආණ්ඩු කරපු අය කෙලවපු හැටි...


ඉස්සර කාලෙ අපේ රටේ කැම්පස් ගියපු කොල්ලො කෙල්ලො පට්ට චින්තනයක් තියන උන්. දැනටත් එහෙම තමෛ. උන්ට ඒ කියන මොළ කෑල්ල තියනවා. ඒත් දැන් ඉන්න උන් බයයි. ඔක්කොම නෙවි. සමහර උන්. ඒත් කණගාටු තමයි, "සමහර" උන් බහුතරයක් වීම. 

රටකට කැම්පස් තිබීම අනිවාර්‍යයි නේ.. ඒත් මොලේ තියන උන්ගෙන් පාලනය කරන ආන්ඩුවට කරදරයි නේ.. අතීතයේ ඉදල අපේ රට කරවපු මිනිස්සුන්ට තිබුනු ලොකුම ප්‍රශ්නෙ තමයි මේක. ඉතින් මේක නවත්වන්න තියෙන හොදම ක්‍රමය තමයි හිතන්න බැරි, හිතන මොළ කෑල්ල පිහිටපු නැති උන් ටිකක් කැම්පස් වලට දා ගන්න එක. එහෙම දා ගත්ත කියමු කොහොමහරි. ඒත් කැම්පස් එකෙ ඉන්න හිතන්න පුලුවන් උන් එක්ක එකතු වෙලා අර මොළ අඩු උනුත් කොහොම හරි මොළ කෑලි හදා ගන්නවා... 


මළ හත්තිලව්වයි.. අණ්ඩුවට කරගන්න දෙයක් නැති වෙනවා...
එහෙනම් ඉතින් කරන්න තියෙන්නෙ...මොළේ සම්පූර්ණයෙන්ම පිහිටල නැති උන් විතරක් ඉන්න කැම්පස් එකක් හදන එක. ඒ කියන්නේ..උසස් පෙල ඒ සමාර්ථ තුනක් ගත්ත උන් නැතුව එස් තුනක් හරි එෆ් තුනක් හරි ගත්ත උන් ටික විතරක් ඉන්න තැනක් හදන්න ඕනෙ..
පට්ට අයිඩියා එක. දාමු ප්‍රයිවට් කැම්පස් එකක්. ඊට පස්සෙ හෙමිහිට ආණ්ඩුවේ කැම්පස් ටිකට කෙළවලා අරිමු. 
වැඩේ ගොඩ නේ..
ඕං..දැන් පාලනය කරන්න ලේසියි.

අමතක කරල දාමු ඔය සීන් එක ටිකකට. දැන් තියන කේස් එක තමයි, රටේ මිනිස්සුත් මේ ආණ්ඩු කෙරුවාවට උදවු කරන එක.
අපේ රටේ දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තියෙනව නේ..ඒකට මම විරුද්ධයි කිව්වම සමහර උන් කියනවා..අනිත් අය දොස්තරල උනාම ඉරිසියයිද කියල... 


දැන් ඒක ගැන බලමුකෝ..
අපේ රටේ හැමෝම පොහොසත් නෑ නේ... දුප්පත් උන් ගාන වැඩ්යි නේ.. දුප්පත් එකයි පොහොසත් එකයි දෙන්නම ඒ ලෙවල් ලියනවා. දුප්පත් උනත්, පොහොසත් උනත් මට වැඩක් නෑ..කොහොම හරි මොළේ සම්පූර්ණයෙන්ම පිහිටල තියන එවුන් ටික, හිතන්න පුලුවන් උන් ටික ඉස්සරහට ඇවිත් පාස් වෙනවා. 

ඒකෙනුත් මුලින්ම ඉන්න ටික කැම්පස් යනවා නේ..




ඔය ප්‍රයිවට් කැමපස් එක දාන්නෙ කැම්පස් යන්න බැරි උන එවුන්ටලු නේ...
ඉතින් බලමු... කැම්පස් යන්න ලකුණු ටිකක් මදි උන මොළේ හරියට පිහිටල තියන දුප්පත් කොල්ලයි පොහොසත් කොල්ලයි ඉන්නවා... පොහොසත් කොල්ල ප්‍රයිවට් එකට යනවා..ඌට සල්ලි තිබුනු නිසා..ඒත් දුප්පත් එකා...ඌට බෑ...මොකක්ද උන් දෙන්නගේ තිබිනු වෙනස.. උන්ගෙ තාත්ත ගාව තිබුනු සල්ලි.. ඉතින් එතකොට කෝ හැමෝම ඉල්ලන සමානාත්මතාවය.


ඒකත් අතරිමු. හිතන්නකෝ...අර මොළේ තියන එවුන්ට යන්න බැරි උන තැනට එෆ් 3ක් ගත්තු මොළේ අඩු එවුන් යනව.. අන්න එතකොට නං ඔය සමාණාත්මතාවය සමූහ දූෂණයට ලක් වෙලා නේ...

කොහොමත් බං,උබටත් මටත් යන්න පුලුවන් ගානකට ඔය කැම්පස් හදලා නෑ..අපි ඉගන ගන්න වෛද්‍ය විද්‍යාව විකුනන්නෙ ලක්ෂ 100 - 150 අතර ගානකට. අනේ මංද? අපේ තාත්ත ඕකෙන් 0.01% ක් වත් අවුරුද්දකට ගන්නෙ නෑ...

නිවුස් එකක් දැක්ක මං මේ ළගදි. ඔය තියන ප්‍රයිවට් කැම්පස් එකේ හොස්පිටල් එකේ ඩ්ංගු ලෙඩෙක් මැරිලලු. මට පට්ට අවුල් ඒකට. අපේ 3වෙනි අවුරුද්දෙ ඉන්න එකෙකුගෙන්,, ඒ කියන්නෙ හොස්පිටල් එකේ පළවෙනි අවුරුද්දෙ ඉගන ගන්න ඕන එකෙක් දන්නව ඩෙංගු මැනේජ්මන්ට් එක. එහෙම ගත්තොත් ඉතින් ඔතන එහෙම එකෙක්වත් ඉදල නැද්ද මංද? ඒ කියන්නෙ ගුණාත්මක බවත් අඩුයි කියන එක නේ.. මම ඉගන ගන්න හොස්පිටල් එකේ නම් ඩෙංගු ලෙඩෙක් මේ පහුගිය අවුරුදු දෙක අතුලත මැරුණෙ නං නෑ...
ඉස්සරහට මිනිස්සුන්ට බෙහෙත් ගන්න කලින් හොයන්න වෙයි,දොස්තරට තියෙන්නෙ කඩෙන් ගත්ත උපාදියක්ද නැත්නම් මහන්සි වෙලා ගත්ත එකක්ද කියලා...


කමක් නෑ බං. මේව සිද්ධවෙන්නෙ අපේ ඡන්දෙන් පත් උනු එවුන් හින්ද නේ... වන්දි ගෙවමු.... 

කොහොමහරි ඊලග පාරත් ඔය අයම පත් කරමු නේ... යුද්දෙ දින්න නේ.... ඒකයි....

JVP එක වගේ එකක් බලයට එන්නෙ කොහොමෙයි. උන් ඉස්සර මිනිස්සු මරුව නේ...
පොඩ්ඩක් හිතාපල්ලා...කැම්පස් කොල්ලො වැඩි හරියක් JVP වෙලා ඉන්නෙ ඇයි කියලා... මොකද උන් රටේ ප්‍රශ්න ගැන හොදට හිතන එවුන් ටිකක් නිසා..


එහෙනං මං යන්නෙයි....

යන්න කලින් කියන්නෙ...ආයෙත් උබේ ඔය චන්ද කොලේ කතිරෙ ගහන්න කලින් කල්පනා කරපං රටට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා....හිතෙන්නෙ නැත්නං හිතන්න පුලුවං එකෙක්ගෙන් අහපං...

යන්නං.....

Thursday, September 4, 2014

කෙල්ල උබව දාල ගියා නං අමතක කරල දාපං බං මේ විදියට.

පට්ට කාලෙකිං බ්ලොග් එක පැත්තෙ ආවෙ. සොරි වෙන්න ඕනෙ ඔක්කොමංල. වැඩ වෙඩි කාලයක් ජඩයට මේ දවස්...
ඕං..මම ඉන්ටර්නෙට් එකේ ඉන්න කොට දැක්ක පට්ට ලින්ක් එකක්....ක්ලික් කොරල බැලුව....සුපිරිම දේවල් ටිකක් තියෙන්නෙ ඒකෙ.....
ඒ උනාට ඕන දාන්න දෙසරයක් හිතන්න උනා...... පොඩි පවුල් ප්‍රශ්ණ මත....
කොහොම හරි හිතට ටොක්කක් ඇණගෙන මොළය අතගා ගත්ත....
හික්.හික්.හික්.හික්.හික්.හික්.හික්.හික්..............

අනිවාර්‍ය සේවා.... මගේ කෙල්ලට මේ වගෙ දෙයක් දාන්න හේතුව කියන්න වෙනවා.... ඊට වඩා හොඳයි මේකෙම දානවා...
ඕං...මං මේක දැම්මෙ "බහු ජන හිතාය,බහු ජන සුඛාය"

අනේ මන්ද? ජඩයට ගිය කලක්... 
හරි..
ඕන බඩකඩිත්තුවක් වෙන්න කියල ඕං මං ටයිප් කරනො හොදේ....




1. කැමති වෙන කෙල්ලෙක් ඉන්නවානම් එයා ගැන හිතන්න දැන් කාලේ හරි. පට්ට චාන්ස් එකක් තොට ලැබිල තියෙන්නේ....

2. බූට් සිංදු නම් අහන්නෙපා යකුනේ.. මුලු ලොකේම දැන ගන්නවා එතකොට බූට් එකක් කාල කියල....හොද බීට් එකක් අහපල්ලා ඩාන්ස් පාරක් දාගෙන ආතල් එකේ ඉදපං.....

3. කෙල්ල යාලුවෙක් විතරක් නම්,යාලුකම මැද්දට ආදරේ ගාවගන්න එපා.

4. හොඳට කතා කරන්න..එත් ඕනවට වඩා ඕනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න ගිහින් පොන්නයෙක් වෙන්න එපා...

5. යාලුවෝ එක්ක හොඳ ෆන් එකක් ගන්න,ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව.

6. පොඩි එකෙක් වගේ අඬල තමුන්ගෙ නපුංසක ගති පෙන්නන්න එපා.. ගිය එකා ගියා.. ආයේ එන්නේ නෑනේ...

7. තමන්ගේ රූපය ගැන සැක හිතන්න එපා..

8. කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හූල්ල හූල්ල ඉන්නෙපා.. ඒකෙන් වෙන්නේ තවත් හිත රිදෙන 
එක..

9. ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....

10. ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න.එතකොට ඒකි මංඤං වෙලා යාවි..

11. හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම් පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....

12. මිස් කොල් නම් දෙන්න එපා.දුන්නොත් උබ තමයි නෝන්ඩි චරිතෙ වෙන්නෙ...

13. වැදගත්ම කාරනාවක් නොවෙන්න කෝල් එකක්වත් ගන්නනම් එපා....

14. ඉදලා හිටලාවත් එයා කියන දෙවල් ගණන් ගන්නේ නැතුව ඉන්න. එතකොට විතරයි එයාලට තේරුම් යන්නෙ අපේ හිතුත් රිදෙනවා කියලා......

15. පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නෙපා...ඉස්සර ගිය තැන්, ෆිල්ම් හොල්, නැත්තම් දෙන්නම ආස කරපු කෑම, සිංදු, කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...

16. උබ ඒකිට බොක්කෙන්ම ලව් කරානම් එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නෙපා... මොකද උබව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....

17. විරහ ගීත ලියල ඇඩ් දාන්න යන්න එපා..එතකොට තෝ අමු මීහරකෙක් කියල ලෝකයම දැන ගන්නවා.. ලියනව නං ලියාපං අලුත් එකට පට්ට ආදර ගීතයක්.

18. ඔෆිස් එකේ එකක් නම් රාජකාරි මට්ටමෙන් මුනගැහුනට පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා...

19. නිකං @$%*ල වගේ ඉන්නෙ නැතුව ගිහින් පොඩි වර්ක්-අවුට් එකක් දාපන්.අලුත් කෑල්ලට බහින්න පෙනුම පොඩ්ඩක් දියුනු කර ගන්න....

20. වැදගත්ම දේ තමයි,කවදාවත් ඒකි දැං යාලු වෙලා ඉන්න කොල්ලත් එක්ක වලි දාගන්න එපා..මොකද ඌ මෝඩය වෙලා ඉවරයි..ඌ ගැන දුක හිතපං..උබ පට්ට බේරිල්ලක් බේරුනේ කියල හිතපං... ගහ ගන්න ගියොත් වෙන්නෙ ඉතිං අරකි තව ෆෝම් වෙන එක විතරයි.....!!

ඔය තමයි ඉතිං මට තිබුනු හොදම පොයින්ට්ස් ටික. සිංහලෙන්ම දැම්මෙ සමාජ සේවය උදෙසා.අර කලින් කිව්ව වගේ "බහු ජන හිතාය,බහු ජන සුඛාය"..
ඔය ටික කියවලා ඔය හිකිල ඉන්න එවුනං ටික හැදියං.,..
තව ඕන නං බලාගනිල්ලා....
යට ලින්ක් එක ක්ලික් කොරල......


මං යනවා....පාඩං කරන්න තියේ මට අම්බානකට.... 
P.S.- පිණක් කොරගත්ත කියල හිතනවා....