Wednesday, February 1, 2017

නීතියේ වෙසඟන හා සයිටම් මොණර කොළ

සමාජ ශාලා වල පෝල් ඩාන්ස් දමනා ගැහැණුන් මා හට 2017 ජනවාරි 31 දින මුළුල්ලේම සිහි ගැන්වින. ඒ නම් අන් කිසිවක් නිසා නොව එදින ලැබුන නඩු තීන්දුවක් නිසාමය. එදින, කලු දිනයක් බවට පත් වූ සයිටම් නඩු තීන්දුව ශ්‍රී ලාංකික ජනතාවට ලබා දුන්නේ, අලුත්කඩේ උසාවියෙනි. එය ඔබ සැම දැනුවත් යැයි මා සිතමි.
ඉතින් මා මෙසේ අරඹමි.

සමාජ ශාලා වල ගැහැණුන්,පෝල් ඩාන්ස් දමනා ආකාරය අප කොතෙකුත් ඉංග්‍රීසි සිනමාවේ දැක ඇත. කස්ටමර් වීසි කරන සල්ලි කොල වලට, ඇය තම නිරුවත මනාව පෙන්වමින්, පියයුරු වනමින්, පශ්චාත් ප්‍රදේශ වනමින් නටයි. ඇතැම් විට, යහමින් සල්ලි වීසි කරන කස්ටමර් ලගට ගොස් උකුලේ වාඩි වී කාමුක රංගන වල යෙදෙන්නටද ඇය පසුබට නොවෙයි. තවත් සල්ලි ඇත්නම්, ඇය තමාගේ ලිංගික සංතර්පණය උදෙසා, යහන් ගතවීමට වුවද පාවිච්චි කරනා අන්දම ඉංග්‍රීසි සිනමාවෙ අප දැක ඇත.

මෙකී සියලුම කාර්යයන්, අප මනාව අලුත්කඩේ උසාවිය ඉදිරිපිටදී, ජනවාරි 31 වෙනිදා දුටුවෙමු. සරලව කියතොත්, නීතියේ කන්‍යාව, අභිසරුලියක් වූ අයුරු දුටුවෙමු.
 
උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ල, සෞඛ්ය ඇමති රාජිත, එස්. බී. දිසානායක ඇතුලු බොහොමයක් මැති ඇමතිවරු, පිරිමි ගණිකාවන් බව අප දනිමු. ඔවුන්ගෙන් අකටයුත්තක් සිදුවෙද්දී, අපකවුරුත් පිහිට පතනා නීතියේ කන්‍යාව ගණිකාවක් බව නොදැන සිටියෙමු.
කෙසේ වෙතත් එක් දෙයක් අප මනාව දනිමු, මනාව දුටිමු.
කිරිඇල්ල (අපේ කැම්පස් උන් කාලකණ්නියා කියන නමින් ඔහුව ආමන්ත්‍රණය කරති.) කතා කරද්දී, උගේ කටන් කෙල වෙනුවට එන්නේ ත් ඌ උදේට රෙන්නේ ත් නෙවිල් ප්‍රනාන්දුගේ මොණර කොල බව. ඉතින් උගෙන් අපිට තඹයක දෙයක් බලාපොරොත්තු විය නොහැක. මන්දයත්, බිලියන් ගානක් උගේ ස්විස් ගිණුමට නෙවිල් ප්‍රනාන්දු මේ වෙනකොටත් දමා ඇති බැවින. එයට සාක්ෂි අනවශ්‍යය. කතාකරන වචනයක් පාසා ඌ එ බව පෙන්නන්නේ, ඌත් නොදැනමය. 
එකී මෙකී නොකී කාලකණ්නි ඇමතිවරු රැසක් නෙවිල්ගේ මුදලට තම ආත්මය විකුණා ඇති බවද අපි මනාසේ දනිමු.
 
ඉදින් අපි බලමු මෙකී සයිටම් අනුමත කරාට අප රටට ලැබෙන්නාවූ ප්‍රතිපලය මොකක්ද කියල.
අපගේ රටට වෛද්‍ය උපධිය පිරිනැමීමෙ, තත්වය සහ ගුණාත්මක බව පිළිබඳව වගකිවයුතු වෘත්තීය ආයතනය
වෛද්‍ය සභාවයි. ඔවුන් විසින්පත් කරන ලද දිවයිනේ සියලුම පලාත් වල මහාචාර්ය වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක්  විසින් නිර්දේශ කළ අයුරින්, සයිටම් ආයතනය උපාදි පිරිනැමීමෙ අවම සුදුසුකම් සපුරා නොමැත.  

නමුත් ඇමති රාජිත පුත්, සරූපා සමන්ගි මණතුන්ග (සයිටම් හි අධ්‍යාපනය ලබන ශිෂ්යාව) ගේ සැමියා වන චතුර සේනාරත්න, සයිටම්හි උපදේශක ලෙස ඉන් වැටුප් ලබනා අශු මාරසිංහ යන අයගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් සයිටම් උපාදි කඩය තත්ත්වයෙන් හොඳ යැයි කිවූ පමණින් අදිකරන අනුමැතිය ලබ ගන්නේ කිනම් බලපෑමක් නිසාදැයි සැමටම පසක් ය.
නමුත් මින් සිදුවන්නේ තත්වයෙන් බාල වෛද්යවරුන්ගෙන් රටවැසියා වලපල්ලට දැක්වීමයි. මැති ඇමති උං බෙහෙත් ගන්නේ සිංගප්පූරුවෙනි. සිංගප්පූරුවෙ දොස්තරලාගෙ තත්වය මනා ලෙස පාලනය වෙයි. එය ලෝකයේ අංක එකේ රෝහලකි. ඉතින් උන්ට මේ රටේ කුමක් වූවත් ප්‍රශ්නයක් නැත. සැමදාම උං කරනා දෙයින් තැලෙනා සාමාන්‍ය මිනිසාම මෙදිනත් තැලෙන්නේය.
ඔව්. දැන් උබලා හිතන්නේ..අපි කොරහේ කිඹුල්ලු දකිනවා කියල. හරි. දැං මේක හිතපං.
අපේ අල්ලපු රට, ඉංදියාවේද ඇත්තේ, අප රටේ මන් කාලකණ්නි දේශපාලනයකි. මෙලෙසින්ම ඔවුන් කලකට ඉහතදී වෛද්‍ය අද්‍යාපනය පෞද්ගලීකරණය කරන ලදි. එකල එම දේශපාලන්ගයන් කිව්වේද මුන් කියනා කතාමය. ලංකාවේ මේ තත්ත්වය, ඉංදියාවේ එකල ඇති වූ අතීත සංසිද්දියේමෙ නැවත සිදුවීමකි. ඉතින්, ලංකාවේ අනාගතය අපිට ඉංදියාවේ වර්තමානයෙන් බලාගත හැකිය. 

එනම්, මිනිසුන් උස්සාගෙන ගොස් වකුගඩු කපා විකිනීම, ළමුන්ට කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය කිරීමට සලස්වා ඔවුන් මරණයර පත්කර ඔවුන්ගේ අවයව විකිනීම මෙන්ම, හොර ඖශධ මාෆියාව සහ තත්ත්වයෙන් බාල වෛද්‍යවරුන් යටතේ මිනිසුන් ප්‍රතිකාර ලැබීම, අනාගතයේ  අප රටට මුහුන දීමට සිදුවන අතුරු ප්‍රතිපලයන් බව නිසැකය.

කිරිඇල්ලට මේහි අතුරු ප්‍රතිපල විඳීමට සිදුවනු ඇත්ද? එස්.බී. උබට මේකේ ගානක්වත් දැනෙනු ඇත්ද? රාජිත උබට මේ සිද්දි දාමයම සිදුකළා කියල එක අංශු මාත්‍රයක සිත් වේදනාවක් ඇත්ද? නැත. උන් මෙය පඩේකටවත් ගනන් ගන්නේ නැත.මෙයින් දුක් විඳින්නේ අපේම අසරණ ජනතාවමය.

රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කර, රට විනාශ මුඛයට
ගෙනියන මෙකී කාලකණ්ණි හට කීමට දෙයක් ඇත. උං දැනගත යුතු දෙයක් ඇත.
මේ විශ්වවිද්‍යාල  පද්ධතිය අප මෑණියන්මය. ළමයි ලක්ශ ගණනක් වදාපු මෑණියන්මය. අප ඇයගේ වර්තමාන දරු පරපුරය. එකල ත්‍රිමාලා, වෙණුරලා තම ජීවිතය දී රැක බලාගත් අම්මාව, කෙදිනකවත් ඇමති තොපේ මුදල් තන්හාවට තන්හාවට දූෂණය කරන්නට ඉඩ නොතබන්නෙමු. එකෙක් නොව සිය දහස් ගණනක් දිවි පුදා හෝ, මතු උපදින පරපුර උදෙසා අපි මෙය රකින්නෙමු.
 


ප.ලි. 
කාලකන්නි දේශපාලුවනි. ඔබ අත තිබ්බේ රටේ ලක්ශ ගානකගේ මෑණියන්ටය. ඉතින්, ඊලග මැතිවරනයෙන් ඔබලාව ගෙදර යවීමේ කාර්යයේ  මුලසුන අපි ම ගන්නෙමු.