Monday, May 16, 2016

නවක වදයේ වැ‍රැද්ද

නවක වදය.. අද සමාජයේ මුල් බැසගත් ප්‍රධාන මාතෘකාවකි. රටේ පාලක පන්තියේ වැරදි නොදකින මෙකී සාමාන්ය ජනයා, ඔවුනට කිසිම අරුතක් ගෝචර නොවන්නාවූ  නවක වදය හෙවත් රැග් එක ගුණ දොස් දැකීම මේ වන විට බහුලව දැකිය හැකි තත්ත්වයක් බවට පත් වී ඇත. 

මෙය අන් කිසිවක් නොව, තැලෙනා යකඩය උඩ පැන පැන පහර දීමට අප මිනිසුන් පුරාතනයේ සිට පුරුදු පුහුණු කළ දෙයක්ය. මෙය හොඳින් දන්නා පාලකයෝ, මිනිසුන්ට හොඳින් තැලෙන යකඩයක් දී, තැලීමට ඉඩ හැර, ඔවුන් ඔවුන්ගේ යකඩ හොර රහසේම රත් කරගෙන යති. මෙහි වැ‍රැද්ද සමජය වෙත නොපරවමි. වැ‍රැද්ද කෙලින්ම යොමු කරන්නේ, බුද්ධිමත් සමාජීය මිනිසුන් සිටින කැම්පස් උන්ටය. උන් කළයුතු වන්නේ [එහෙත් නොකර සිටින්නේ] තමාගේ යකඩය සාමාන්‍ය මිනිස්සුන්ට තැලීමට හැකි නොවන තරමට රත් නොකරගෙන සිටීමය.

මා මේ දින වල දකින විශාලතම විහිලුව අට පාස් හා කැම්පස් ලෙස සමාජය වර්ග කරගෙන තමාගේ පංතියේ එක බත් එක බෙදාගෙන කෑ එකා සමග මරා ගැනීමයි. මෙහිදී මා දකින දෙය නම් අට පාස් එකා හා කැම්පස් එකා යන දෙදෙනාම එකම මීහරක් කුලයකට අයත් වීමයි. දිනපතා මෙම පහත් ක්‍රියාව මූනු පොතේ දැක්කද, ඒ සැමට සිනහ පහල කරමින් සිටියද, මෙය ලියා තැබීමට මාගේ මොළය එපා කියද්දී, සිත කියනා "හා ලියපං" කියන දෙයට  ඉඩ දෙන්නට මම ඉටා ගතිමි.

මන්දයත් මාගේ මොළය එහි අත්දැකීම් මත හොඳින්ම දන්නා කාරනාවක් ඇත. නමුත් එය කා විසින් පැවසුවේ දැයි මාගේ මතකයේ නැත. එනම්,
" කිසි දිනෙක යමක් පිළිගැනීමට තරම් නොවන්නෙකුට  පැහැදිලි කිරීමට උත්සාහ නොගන්න. මන්දයත් හෙතෙම ග්‍රහනය කරනු ලබන්නේ තමාගේ මතයට අදාල දේ පමණි." යන්නයි.


එසේ නම් මෙතැන් පටන් ලියා තැබීම පටන්ගමි.

විශ්ව විද්යාලය යනු සමජීය මිනිසෙකු ගොඩ නගන තැනක් විනා, තිරිසනෙකු ගොඩ නගන තැනක් නොවේ. පිස්සෙකු ගොඩ නගන තැනක් නොවේ. කාලකන්නියෙකු ගොඩ නගන තැනක් නොවේ. සමාජීය
මිනිසෙකු ගොඩ නැගීම කිසි විටෙක අධ්‍යාපනයෙන් පමණක් සිදුකල නොහැක්කකි. ඒ සඳහා අද්දැකීම් සමුදායක් අවශයන්ම අත්‍යාවශ්යය.

සමාජයට වඩාත් වැඩදායී
මිනිසෙකු බිහි වන්නේ හෙතෙම තම සගයන්ට, තමාව අනුගමනය කරන්නන්ට නිසි මාර්ගයක් කියා දීමෙනි. එනම් තමා අන් අයගේ ආදර්ශය බවට පත්වීමෙනි. මෙහිදී ලඝු කොට සිතිය නොයුතු අනෙක් වැදගත් කාරණය වන්නෙ පුද්ගලයන් හඳුනා ගැනීමයි. එනම් තමා අවට සිටින පුද්ගලයන්, තමා මාර්ගයක් පෙන්වන පුද්ගලයන් කවුරුන්ද යන්න අවබෝධ කර ගැනීමයි. අද දකින සමාජීය ප්‍රශ්ණය ගොඩ නැගෙන්නේ මේ හරහාය. 

මෙහිදී මා කියන්නට හදන්නේ.. මේ නවක වදය යන වචනයේ සිට අවුලක් ඇති බවයි. සබැවින්ම ඇති ප්‍රශ්නය සමාජයේ මුල් බැසගත් අරුතේ විනා එහි ඇති හරයේ නොවේ.


මෙය පැහැදිලි කිරීමට මම මුලින්ම සමජගත වූ "ඩෙනිමේ" ප්‍රශ්ණය ගන්නෙමි. ඩෙනිම් කලිසමක් ඇඳීමට එපා කීමට කාටවත් අයිතියක් නැත. එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. මෙය මෙසේ දකින්නේ කැම්පස් එකෙන් පිට මනුස්සයාය. 

නමුත් මෙය කැම්පස් එක ඇතුලේ සිදුවන සාමාන්‍ය තත්වයකි. එය උප සංස්කෘතිය ලෙස හඳුන්වති. 
සැබැවින්ම ඩෙනිම් කලිසමක් නොව, සීනියර්ලාට උන්ගේ ජූනියර්ලා හෙලුවෙන් ගියාටද කම් නැත. නමුත් මෙහි සමාජීය ගැටළුවක් පවතී.. 


දැන් මෙහි සැබෑ අරුත දිහා බලමු. විශ්ව විද්‍යාලයක්  තුල කොලඹ හතේ එකා මෙන්ම, කිරි ඉබ්බන් ආරේ එකා ද එකාමය. ඔවුන් අතර අපිට වෙනසක් නැත. අලුතෙන් කැම්පස් ආපු වෙලේ මට නම් උන් ගොඩේ උංය. මෙය සැමටම පොදු දෙයක් නොවුනද ඇතැමෙක් මෙසේ දැකිය හැකිය. මෙහිදී කිරි ඉබ්බන් ආරේ එකා ගොඩේ එකා වන්නේ උගේ අඳුමෙන් හා වාග් විලාසයෙනි. ඔවුන් ගොඩේ ඇඳුමක්, ඒ කියන්නෙ තඩි කලිසමක් [බෙල්ට් එක දාපු නැති] අත් කොට ටී ෂර්ට් එකක්  හෝ දණහිස වැසෙන සේ මල් වැ‍ටුණු ගවුමක් අඳින අතර, උගේ කතාවේ ඉංග්‍රීසි කෑලි නැත. මෙන්න මේ කරුණු නිසා උං කැම්පස් සමාජයෙන් කොන් වීම වැලැක්වීමට එකල සීනියර්ලා විසින් අපට නීතියක් පනවා තිබිණ. එය නම් අපිට ඉංග්‍රීසි වචන නැතුව කතා කිරීමට හා විවිද විච්චූරණ නැති පොදු ඇඳුමක් ඇඳීමයි [පසු කලෙක උනුත් අප හා සම සමව ෆැෂන් මෙන්ම කඩ්ඩද යහමින් භාවිතා කලහ]. එකල එය මළ වදයක් වුවද, අද මෙය මා ඉතා යහපත් ක්‍රියාවක් ලෙස දකිමි. අදටත් අප අතර ඇති මිත්‍රත්වය ගොඩනැගුනේ මෙය නිසා බැව් ඉතා පැහැදිලිය.

නමුත් මෙහිදී මා දකින ප්‍රශ්නකාරී අවස්තාව වන්නේ, පහර දීමයි. කුණුහරුපයක් දෙකක් කියා බැන වැදීම වරදක් නොවේ යැයිද නොකියමි. නමුත් එම බැන වැදීමක් මහා සිත් තැවුලක් වන්නේ නම් සබැවින්ම එම සිසුන්ගේ යහපත් සමාජගත වීමක් බලාපොරොත්තු විය නොහැක. මන්දයත් කැම්පස් එන පුද්ගලයා සමාජයේ උගත් මෙන්ම නූගත් අහිංසක මිනිසුන් සමග වැඩ කටයුතු කිරීමේදී එවැනි වචනයක් නො අසා සිටීමේ සම්භාවිතාවය ඉතා අඩුය. 
ඉතින් යමෙකුට කුණුහරුපයක් ඇසීම ප්‍රශ්ණයක් වන්නේ නම්, හෙතෙම අනාගතයේදී මිනිසුන් අතර වූ තවත් එක් නුසුදුස්සෙක් මිනිසෙකු වනු ඇත. ඔවුන් සමජයේ සුබසිද්ධිය උදෙසා වැඩ කරනු විනා තමාට මිනිසුන් විසින් කියනා කුණුහරුප ගණනය කරමින් සිටිනු ඇත.

ඉදින් පහරක් ගැසුවොතින්, එය ප්‍රශ්නයකි. ඒ තම තමන්ගේ දෘශ්ඨි කෝණයේ ස්වභාවය අනුවය. මෙහිදී තම ජූනියර් ඔවුන්ගේ සීනියර් කෙරෙහි පවතින ආකල්පය වැදගත් වේ. මෙය ‍රැග් කාලයේදී නම් යහපත් ආකල්පයක් නොවේ. එනම් කෙසේ හෝ සීනියර් හට හොඳ පාඩමක් ඉගැන්වීම බොහෝ විට මොවුන් දරනා ආකල්පයයි. එහෙත් ‍රැග් එකෙන් පසු; සීනියර් හා ඇතිවෙන බැඳීම වචනයෙන් විස්තර කල නොහැක. එය බාහිරෙහි සිටින්නවුන්ට කියා දෙන්නටද නොහැක, ඔවුනට තේරුම් ගැනීමටද නොහැක. සරලව කිවතොත් සීනියර් තම ජූනියර් හට පණ දෙන්නට තරම් ලැහැස්තිය. එය කිසි විටෙක සමාජයේ දැකීමට පවා නොහැකි වූ බන්ධනයකි. වචනයෙන් විස්තර කළ නොහැක. අත්විඳිය යුතු දෙයකි.


නමුත් මෙකී සීනියර් තමාගේ ගෞරවය මෙන්ම තම ජූනියර්ගේ ගෞරවයද ‍රැකෙන අයුරින් ක්‍රියා කිරීම වැදගත් වේ. එනම් අකාරුණික අන්දමේ ක්‍රියාවෙන් වැළකිය යුතු වන්නේය.

මූලිකව තමා සතුව අවබෝදයක් නැත්නම්, ඒ පිළිබදව තමාගේ වැඩිමහල් සීනියර්ලාගෙන් අසා දැනගත යුතුය. නියතවම තමා තම ජූනියර්ට කියනා දේ මෙන්ම, තමා තම ජූනියර්ට කරන දේ පිළිබඳව මනා අවබෝදයක් තිබිය යුතුය. මෙන්න මෙකී අවබෝදය නැතිවූ කල නිතැතින්ම ප්‍රශ්න මතුවන්නේය. තමා සීනියර් වූ පමණින් කිසිම ජූනියර් කෙනෙකුට අරුතක් නැතිව යමක් කිරීමට හෝ කීමට නොහැක.

මෙහිදී.. යම් ක්‍රියා පටිපාටියක් ඇත. මුලින්ම තම ජූනියර්ගේ ආකල්පය වෙනස් කිරීමට වග බලා ගත යුතුය. ඔවුනොවුන් අතර එකමුතු බව ඇති කර යුතුය. ඔවුන් අතර රැග් එකෙහි අවශ්‍යතාවය ඔවුන් විසින්ම ගොඩ නගා ගත හැකි වන ලෙස වැඩ කළ යුතුය. මෙම පියවර අතපසු වන විට පූර්වෝක්ත ගැටලු උද්ගත වේ.

සැබැවින්ම පෙර ගැටලුව ඇති වූයේ මා දකිනා අන්දමට පුද්ගල හඳුනා ගැනීමේ මද කමක් හා, ජූනියර්ලාගේ අවශ්‍යතාවය ගොඩනගා ගැනීම යන කරුණු වලයි. නොයෙකුත් වර්ගයේ සිසුන් නොයෙකුත් විදි වලට වෙනස් කල යුතුය. එය ඔවුන් සමග කතා කිරීමෙන් තෙරුම් ගත හැක. මෙය අද්දැකීමෙන් ලැබෙන්නකි. සීනියර්ලාගේ යුතුකම දැන් පැහැදිලිය.

සැබැවින්ම මෙය මා කතා කිරීමට අකැමැති මාතෘකාවකි. ඒ මන්දයත්, මෙකී උප සංස්කෘතීන් කැම්පස් වලම තිබිය යුත්තකි. ප්‍රශ්නය මතු වූයෙන් කතා කලෙමි.

මෙකී උප සංස්කෘතියේ දොස් දකින්නන් හට මා දොස් නොකියමි. මන්දයත්, මේ බහුතරය පෞද්ගලික විශ්ව විද්යාල හොඳ යැයි කියා ගනිමින්, මෝඩ තර්ක ගොඩ නගන්නවුන්මය. ඔවුන් සිතනා සීමාව බොහෝ පටුය. මොවුන්ගේ අවශ්‍යතාවය අපේ උන්ගේ දොසක් සෙවීමයි. අපේ උන්ගේ වැ‍රැද්ද අපේ දොස් මොවුන්ට පෙන්වීමයි. ඉදින් වැ‍රැද්ද අපේ උන්ටම පවරමි. මොකද උං නිවැරදි කිරීම අපිට පහසු නිසා.

අවසන් වශයෙන් මා හට කීමට ඇත්තේ.. ‍රැග් එක හෝ නවක වදය යන වදන වැරදි ලෙස සමාජගත වීම වෙනස් විය යුතුය. ‍රැග් එක නරක නැත. ‍රැග් එක කරන විදිය දැන කළ යුතුය.

තවද... මේ කැම්පස් උප සංස්කෘතිය සමාජගත කිරීම පිළිබඳව, මෙය ගොඩ නැගූ දැනට ජීවතුන් අතර නැති මුල් සීනියර්ලාගෙන් සමාව ඉල්ලමි. මෙය ලිව්වේ.. සමාජ අවශයතාවය ඉතා අධික වූ නිසා පමණකි. මා මෙහි ඇතැම් කරුණු හෙළි කිරීමේදී සීමා තබා ගතිමි.

ඉතින් කැම්පස් සීනියර්ලා.. උබලා උබලගේ සීනියර්ලාගෙන් තතු දැනගෙන වැඩ කරපල්ලා... ‍රැග් කරනව කියල තිරිසන් වැඩ කරන එක නතර කරපල්ලා. අවබෝධයකින් වැඩකරපල්ලා.

ඉතින් සමාජයේ අනෙක් මිනිසුනේ [අට පාස් වුවත් නැතත්]... තමා දන්නා දේ ගැන පමණක් කතා කරන්න. දන්නෙ නැත්නම් ඒකෙ අග මුල හොඳට දැනගෙන කතා කරන්න.. රටට වැඩක් කරන්න ඉන්න කැම්පස් උන්ට බනින්නෙ නැතුව, වැරදි ටොන් ගණන් තියන, කුණු දේශපාලුවන්ව විවේචනය කරන්න කියල ඉල්ලනව. නැත්නම් ඔය නෝනල මහත්තුරු  ලොකු අගතියක් කරන්නෙ ඔය ගොල්ලන්ගෙ සමාජයටමයි.

නැවතත් මගේ හිතට එන්නෙ මම අර මුලින් කිවූ දෙයමයි.  එම නිසා එය උක්ත කොට මෙයින් සමාප්ත කරන්නම්.
" කිසි දිනෙක යමක් පිළිගැනීමට තරම් නොවන්නෙකුට  පැහැදිලි කිරීමට උත්සාහ නොගන්න. මන්දයත් හෙතෙම ග්‍රහනය කරනු ලබන්නේ තමාගේ මතයට අදාල දේ පමණි."
 

ස්තූතියි...

~ජඩයා~