Thursday, August 1, 2013

පිවිතුරු බව මනින මිම්ම කන්‍යා පටලයද?

තරුණියන් විවාහයට පත් වීමේදී පිරිමියෙකු සමග එක්වන පළමු ලිංගික එක්වීමේදී තම පිවිතුරු බව රැක ගැනීමට නොහැකිව ජීවිතය පවා අහිමි කරගෙන මුළු ජිවිත කාලයේම පසු තැවෙන කාන්තාවන් කොතෙකුත් ඇත.

නමුත් මෙම කන්‍යා භාවය ආසියාතික රටවල නාගරික නොවන ප්‍රදේශවල බෙහෙවින් පිළිගනී.සැබවින්ම මේ කන්‍යා භාවය මිත්‍යාවක් පමණි.කාන්තාවකගේ පිවිතුරු බව මැනීමට කන්‍යා පටලය සුදුසු නොවන බව නුතන වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීමයි.මක් නිසාද යත් එයට හේතු කාරණා රාශියක් පවතින බැවිනි.
යෝනි මාර්ගයේ පිහිටා ඇති මෙම කන්‍යා පටලයෙන් යෝනි මාර්ගයට විශේෂ කාර්යක් ඉටු නොවේ.යෝනි මාර්ගයේ 1/2 පමණ ඇතුලට වන්නට මෙය පිහිටා ඇත.මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධාකාරයෙන් පිහිටා තිබේ.යෝනි මාර්ගය සම්පුර්ණයෙන් වැසි යන ලෙස ඇතැම් කාන්තාවන්ගේ කන්‍යා පටලය පිහිටා තිබිය හැකි අතර මෙය බොහෝම කලාතුරකින් දැකිය හැකි අවස්ථාවකි.
මෙය මලක පෙති හැඩයට ,පළලින් කුඩා පටලයක් ආකාරයට හෝ සිදුරු රහිතව සම්පුර්ණ පටලයක් ලෙස පිහිටා තිබෙන්න්නට පුළුවනි.කාන්තාවන්ට ඔසප් සෑදීමේදී එම රුධිරය ගලා යන්නේ කන්‍යා පටලයේ ඇති සිදුරු හරහාය.නමුත් යෝනි මාර්ගය සම්පුර්ණයෙන් වැසි යන ලෙස සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලය පිහිටීම නිසා මාසික ශුද්ධියේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලා නොයන නිසා එවැනි අවස්තාවලදී කන්‍යා පටලය සුළු සැත්කමකට භාජනය කල යුතු වේ.
(01) ප්‍රථම වරට ලිංගිකව එක්වීමේදී කන්‍යා පටලය බිදී රුධිරය වහනය නොවන්නේ ඇයි ?
ඇතැමුන්ගේ කන්‍යා පටලය ඉතා ඝනකම් නිසා ප්‍රථම එක් වීමේදී එය බිදී යා නොහැකියි. බයිසිකල් පැදීම ,ක්‍රීඩා කටයුතු වල යෙදීම ,අනාරක්ෂිත ස්වයං ලිංගික කටයුතුවල යෙදීම නිසා කන්‍යා පටලයට හානියක් සිදු වුවහොත් ලිංගිකව එක් වීමේදී රුධිරය වහනය නොවේ.සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලය උපතින්ම පිහිටා නොතිබීම.තුනී ඇදෙන සුළු කන්‍යා පටල මැද රැලිවලින් යුත් සිදුරක් සහිතව ඉලාස්ටික් එකක් මෙන් ඇදෙන සුළු කන්‍යා පටල මැද රැලිවලින් යුත් කන්‍යා පටල සංසර්ගයේදී බිදී යා නොහැකිය.සමහර ගැහැණු දරුවන්ගේ කන්‍යා පටලය යෝනි විවරයේ කුඩා ගැට්ටක් ලෙස පිහිටීම හේතුවෙන් පළමු සංසර්ගයේදී රුධිරය වහනය වීම සිදු නොවේ.වැඩිවියට පත් ගැහැණු දරුවන්ගෙන් 30% කන්‍යා පටලය පිහිටා තිබෙන්නේ හඳ පළුවක් ලෙසය.එවැනි අයගේ කන්‍යා පටලය බිදී යන්නේ ඉතා කලාතුරකින්ය.

පළමු වරට ලිංගිකව එක් වීමේදී කන්‍යා පටලය බිදී ගියද රුධිරය වහනය නොවන කාන්තාවන් 20% පමණ සිටිති.නමුත් කාන්තාවකගේ පිරිසිදු බව මැනීමට කන්‍යා පටලය කිසිසේත්ම සුදුසු නොමැති බව සියලු දෙනා වටහා ගත යුතුය.මේ සිදුවීම් නිසා විවාහයෙන් පසුව පිරිමියෙක් සමග එක් වන පළමු රාත්‍රියේදී කාන්තාවන් අපරිමිත බියකින් පසුවේ.
(02) කන්‍යා පටලය බිදී යාමෙන් වේදනාවක් ඇති වනවාද ?
සම්පුර්ණයෙන්ම එය වැරදි මතයකි.කන්‍යා පටලය බිදී යාමේදී වේදනාවක් ඇති නොවේ.නමුත් සංසර්ගයේදී යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා යම් වේදනාවක් මතුවීමට ඉඩ ප්‍රස්තාව ඇත .සමහර අවස්තාවලදී කාන්තාවන් මේ හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වී සිටීම නිසා ලිංගිකව එක් වීමේදී යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා තමයි වේදනාවක් ඇති වෙන්නේ. කෙසේ වෙතත් අද අපේ රටේ පෞද්ගලික රෝහල්වල කන්‍යා පටලය සකස් කිරීමේ සැත්කම් පවතී.බොහෝ තරුණියන්ට තමන් විවාහ වීමට පෙර පෙම්වතා සමග ලිංගික ඇසුරට යොමුවන අවස්ථා කොතෙකුත් ඇත.එය ඇයගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු වීමට පුළුවනි.
නමුත් වඩාත්ම සුදුසු වන්නේ ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද තම තමන්ගේ ලිංගික වර්ධනය ගැන දැනුවත්ව කටයුතු කිරීමයි.කෙසේ වෙතත් කන්‍යා පටලය තිබු පමණින් ඇය ගුණ යහපත් කාන්තාවක් විය නොහැකි බව සියලු දෙනා මතකයේ තබා ගැනීම වඩා වැදගත් වේ.කාන්තාව තම ජිවිතයේ පත්වන උත්තරීතරම පදවිය මව් පදවියයි.එබැවින් කාන්තාවකගේ ශිෂ්ඨ සම්පන්න භාවය මැනීමට කන්‍යා භාවය ,කුමරි බඹසර,පමණක් සිමා කර තබා ගැනීමෙන් වළකිමු.වඩා ගැඹුරින් මෙන්ම සිහි බුද්ධියෙන් සිතා මතා කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කරමු.
~උපුටා ගැනීමකි.~

No comments:

Post a Comment