Friday, December 7, 2012

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?

පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න සිතමිනි. තවද සිදුවූයේ කුමක්ද දෙදෙනා අතර මහත් වූ ගැටළුව කුමක්දැයි ඔබට සේම ළඟින් ඇසූරු කළ සැමටම ගැටළුවකි. එහෙයින් මව්පියන් හෝ මිතුරු මිතුරියන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සියල්ලටම වඩා කරදරයකි.


විවාහවීමට සිතා දිගු කලක් එකට කල් ගෙවීමෙන් ඔහූ/ඇය පිළිබඳව ඥාතීන් සේම මිතුරන් සියල්ලම දනිති. එවිට බස් රියේදී, දුම්රියේදී, කාර්යාලයේදී, අසල් වැසියන් හා ඥාතීන් හමූවූ විටදී ඔහූ පිළිබඳව විමසීම අමතක කිරීමට වෙර දරණ අතීතය යළි සිහිපත් වීමකි.
 
මීළඟට සියලු ගමන් බිමන්වල යෙදුනේ ඔහූ/ඇය සමගිනි. ඇඳුම් පැළඳුම් ආයිත්තම් තෝරා දුන්නේ ඔහූ/ඇය විසිනි. මිතුරෙකුගේ සාදයකට හෝ මංගල උත්සවයකට ගියේ ද ඔහූ/ඇය සමගිනි. ඔහූගේ/ඇයගේ ඈත්වීමෙන් ඒ සියලු දේ තනිවම ඉටූකර ගැනීමට සිදුවීමද එක්තරා අන්දමක අභියෝගයකි. එහෙයින් ඔබේ වේදනාකාරී හූදකලා දිවියට අමතරව අලුත් වගකීමක් දැරීමට ද සිදුවෙයි.

ඒ අයූරින් ඔහූ/ඇය හදිසියේ කුමන හෝ පදනමකින් ඔබෙන් ඈත් වූවොත් අලුත් හූදකලා දිවියට ඔබ ඉකිමනින් හූරුවන්නේ කුමන උපක්‍රම තුළින් දෑයි විමසා බලමූ.

ඔහූ/ඇය සිතින් පළවා නොහැරීම
දරා ගනූ බැරි වේදනාවක් හිමිකර දී ඔහූ/ඇය ඔබ හැර ගියේ නම් ඔහූ සිතට බලපාන ආකාරයෙන් ඈත් කිරීමට වෙර දෑරීම සූදුසූ නොවේ. යැයි ප්‍රකට සායනික මනෝ වෛද්‍යවරියක වන වර්කා වූලනී පවසන්නීය. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ/ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි. හැරගිය ඔහූ/ඇය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූ/ඇය සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූ/ඇය අමතක කිරීමට මූලිකවම උත්සාහ නොදරන්න.
බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසිනි. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වේ. ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්ය. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි.
එහෙයින් එම සබඳතාවයඅමතක කිරීමට ඇති පහසූම මඟවන්නේ සබඳතාවය පවතිද්දී ඉස්මතු වූ නොගැළපීම් හා එයින් දෙදෙනා අතර මතු වූ ගැටීම්ය. ඒවා දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදුවූ අන්දම සිහිපත් කළ විටදී එය නොගැළපෙන සම්බන්ධතාවයක් බව ඔබට වැටහේ. එයට අමතරව විවිධ මත ගැටූම් හා අදහස් නොගැළපීමෙන් ඔබට සිදු වූ ලැජ්ජාවත් හා හැඬූ දිනයන් සිහිපත් කරද්දී එම ඈත්වීම් සියූම් සාධාරණයක් හා යහපතකකි. මීළඟට ඔබ සිතිය යූත්තේ ඔහූ/ඇය සමග දිගින් දිගටම ඇසූරු කළේ නම් හෝ විවාහ වූයේනම් විඳින්නට සිදුවන හිරිහැර හා මානසික වේදනාවන්ය. එවිට ඔබේ සිතින් එම සබඳතාව බිඳ යෑමෙන් ඇති වූ වේදනාව දුරුවේ.
 
එහෙයින් පෙම් සබඳතාවයක් බිඳීගිය විටදී ඔබට මෙම උපක්‍රම කිහිපයත් අනූගමනය කිරීමට හැකියි.

1. සූපූරුදු පරිසරය අත් හැර අලුත් පරිසරයකට ඇතුළුවන්න.

2. අලුත් මිතුරන් පිරිසක් අතරට එක්වන්න

3. කාර්යාල සේවිකාවක්/සේවකයෙක් නම් හැකිතරමින් රාජකාරියේ නිතරවන්න.

4. වසරක තරම් කාලයක් සහමූලින්ම යෙදිය හැකි අලුත් ප්‍රයෝජනවත් පාඨමාලාවක් හදාරන්න.

5. සබඳතාවය බිඳීගිය අලුතදීම ජංගම දුරකතනය අක්‍රීය කර තබන්න. නොමැති නම් ඔබ තත්ත්පරෙන් තත්ත්පරය එදෙස බලන්නේ ඔහූගෙන්/ඇයගෙන් ඇමතුමක් ලැබී ඇතිද යන්නයි. එය මතකය අලුත් කරගැනීමකි.


6. තොරතුරු විමසීමට සහෝදර හෝ මිත්‍රකමට කතා බහ කිරීමට හෝ දුක පැවසීමට සේම ඇසීමට ඔහූට/ඇයට දුරකතනයෙන් නොඅමතන්න. ඔහූගේ/ඇයගේ ඇමතුම්වලට සවන් නොදෙන්න. ඔබ තරයේම සිතිය යූත්තේ කුමන පදනමක් මත හෝ ඔහූට/ඇයට නොඅමතන ලෙසිනි. එයට හේතුව ලෙසින් දෑක්විය යූත්තේ එය අනවශ්‍ය සබඳතාවයක් බවයි.

7. ඔහූ/ඇය ඔබ පිළිබඳ විවිධ පූද්ගලයන් සමග පැවසූ දේවල්වලට උත්තර බැඳීමටද ඉදිරිපත් නොවන්න.


නිතර හමූවන්න වූනොත්

ඇතැම් පෙම් සබඳතා බිඳ යෑමෙන් පසූව විඳින සිත් වේදනාව ප්‍රබල වශයෙන් දෙදෙනාට දැනෙන්නේ තව දුරටත් නිතර හමූවීමට සිදුවීම නිසාය. එකම කාර්යාලයේ, නිවෙස අසල සිටින දෙදෙනෙකු මිතුරෙකු සොයූරෙකු ආදී වශයෙන් වූ විටදීද නිතර හමූවීමක් සිදුවේ. එවන් අවස්ථාවලදී ඔබට කළ හැකි දේ.

1. හැකිනම් වෙන කාර්යාලයකට මාරුවක් ගැනීම

2. ඔහූව/ඇයව හැකිතරම් මඟහැරීම, දුටූවත් නොදුටූවාසේ යාම,

3. මිතුරන්ට ඒ බව දෑන්වීමෙන් ඔවූන් ඔබේ සහයට ඉදිරිපත් වී සිතට අවශ්‍ය ශක්තිය සැපයේ.

4. පෙර සේ එක්ව රාජකාරි කටයූතුවල නොයෙදීම

5. දෙදෙනා එකිනෙකාට දුන් සියලු දේ ආපසූ හූවමාරු කර ගැනීම.

 
වරදක් බව සිතන්න
පෙම් සබඳතාව බිඳී පෙම්වතිය හැර යාමෙන් මද කලකට පසූව ඔහූගේ/ඇයගේ සිතේ සියූම් කලකිරීමක් හෝ පසූතැවීමක් ඇති වේ. එයට හේතුව වන්නේ කුමන වැරදි තිබූණද ඔබේ යහපත් ගතිගුණ අලුත් පෙම්වතා/පෙම්වතිය ළඟ නොමැති වීමෙනි. එවිට ඔහූ කරන්නේ විවිධ පාපොච්චාරණයන් කිරීමට ඔබව හමූවීමට, සූහදව කතා බහ කිරීමට, සමීපව ඇසූරු කිරීමට ප්‍රියවීම හා ඒ බව දෑන්වීමය. බොහෝ කතුන්/පිරිමින් ඒ උගුලට අසූවේ. මන්ද ඔබ තවමත් ඔහූට/ඇයට ආදරය කරන හෙයින් ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාවක් ඇතිවීමයි. නමූත් මෙහිදී ඔබ තේරුම් ගත යූත්තේ ඔහූ/ඇය හැරගියේ ඔබව සහමූලින්ම පිළිකුල් වීමෙන් හෝ අන් යූවතියකට ආදරය කිරීම හේතුවෙනි ඔබ අද තනිවී සිටියද ඔහූට එසේ තනිකමක් නොවේ. එහෙයින් ඔබ යනූ ඔහූට/ඇයට තව අයෙකු පමණි. එහෙත් තවමත් ඔබ ඔහූට ආදරය කරන හෙයින් ඔහූට සමීපවීමට ඉඩ ලබාදෙමින් සිදුවන්නේ ඔහූව/ඇයව අමතක කිරීම අසීරු වීමයි.

මෙම උපක්‍රමත් පිළිපදින්න.
හැරගිය ඔහූ/ඇය වෙනූවෙන් දුක්වීම අත්හැර දමා අලුත් සිතක් ගොඩනගා ගැනීමට මෙම උපක්‍රමයන්ද ඔබ අනූගමනය කරන්න.

1. ඔහූ/ඇය අමතක කිරීමට උත්සාහ නොකර ඔබ දෙදෙනාගේ සබඳතාවේ ස්වභාවය තක්සේරු කර බලන්න. ඔහූට/ඇයට දොස් පැවරීමට නොසිතන්න. මන්ද එය ක්‍රියාත්මක නොවේ. ඔහූ/ඇය සමග පැවති සබඳතාවේ ස්වභාවය තක්සේරු කරද්දී නිරායාසයෙන්ම ඔහූ/ඇය ඔබේ සිතින් ගිලිහී යෑමක් සිදුවේ.

2. ඔහූට/ඇයට වෛර කිරීමට නොසිතන්න. ඒ වෙනූවට ඔහූ/ඇය සමග බෙදාගත් සූන්දර අවස්ථාවන් නිබඳවම සිහිපත් කරන්න. එවිට ඉක්මනින්ම එය සිතට නැඟීම අවසන් වේ.

3. මද කලක් ගතවෙනතුරුම අලුත් සබඳතාවයක් ඇරඹීමට නොපෙළඹෙන්න. මූලින්ම ඔහූගේ/ඇයගේ හැරයාමට බලපෑ ඔබේ වැරදි අවබෝධ කරගැනීමට තරම් අවංක හා විවෘතවන්න නොමැති නම් මීළඟ පෙම්වතාද/පෙම්වතියද එම වැරදිවලට ඔබව හැරයනූ ඇත.

4. එම අත්දෑකීම් අධ්‍යයනය කරන්න. එවිට ඔබට නොගැලපෙන හා ගැලපෙන පිරිමින් පිළිබඳව වැටහීමක් ඇති කර ගත හැක.
 
එම ප්‍රේමය බිඳී යෑම පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. එය සහමූලින්ම නොගැලපීමක් මත සිදුවූවක් හා ඔහූගේ වැරදි ක්‍රියාවක් මත සිදුවූවක් යැයි සිතන්න.
එවිට ඔබට තවත් පූද්ගලයෙකු සමග සබඳකමක් ඇති කරගැනීමට හැකිවේ.

Wednesday, December 5, 2012

පට්ටම තේරුම් තියන සින්දු SET එකක්


සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

-ගුනදාස කපුගේ
....................................................................
 
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී...

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා

- වික්ටර් රත්නායක
..........................................................................
 
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

විලාපෙන් විඩා වී ‍රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙත් දී අයාලේ
ඔබෙන් නෙතු ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ

- නන්දා මාලිනී
............................................................................ 
 
පූජාසනයේ වැඩ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ

ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

-නන්දා මාලිනී
  

අලුත් ටීචර්

එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්..
(නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ)
මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට...

 
මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම
ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ වුණා..
ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට
එක කොල්ලෙක් අවධානය වෙන අතක...
මොනවදෝ කුරුටු ගානවා.....
තමන් කිසිම සටහනක් නොදුන්න එකේ
මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා
ගුරුතුමිය හොයලා බැලුවා....

ඇයට මෙන්න පොතක ලියලා තිබුන
ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න
මේ කවි පෙල හම්බුනා...

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ
නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ..

මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පහුකරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා..

හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සී පහත්වී ලියනා විට පේලී
මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී..

රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ
සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ..

මල් සාරියට නම් ඈ හරි හැඩකාර
නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර..

නැමුනා එක වරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
පැත්තට පේන දර්ශණයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට..

දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න
හබල අලුත් හන්දා බැහැ දුර යන්න
කෙටි පාරකට පුලුවන් නම් හරවන්න..

පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට..

සමාවෙලා මේ දේ කියලා දෙන්න
කවුරුද ඔබව මැව්වේ මට පවසන්න..
ඔබ යන...............................



මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු...
අර ළමයගේ කනින් ඇදගෙන..
පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට...
ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු...
දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ...
මේ කොල්ලා මොකෝ ටීචර්...
ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ..

(උපුටා ගත්තා-FACEBOOK)

Sunday, July 1, 2012

▐▐ ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ? ▐▐

ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.

ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?

ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.

අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.
ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.
ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.

ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේක :

ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම .....

හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
ඊලඟට තමයි අමාරුම හරිය.
රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.
සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.

ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?
සෙනෙවියා ඇහුවා.

බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ?
(මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.

සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
.... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....

ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....
ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??

සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි.
හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා

ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි.
කියලා.
ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.

ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න
එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.

සැ.යු.
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

උපුටාගැනීමකි

Thursday, June 14, 2012

ජීවිතයට ආදරෙන්..........


සරසවි අධ්‍යාපනය ලබන , ලබන්න බලාපොරොත්තු වන හා ආදරය කරන , නොකරන හැමෝම මේ කතාව කියවන්න.. සමහර විට මේ කතාව ඔබේ ජීවිතය වෙනස් කරන්න පුලුවන්..

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
❀❀❀❀❀❀❀


2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල...
අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවයේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.

පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...

කාඩ් එක තමා බොනපාට්...

මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...

අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව...

එය තමයි සොබනි.

ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා..... 


මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා....

හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින 

දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන 

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම 

ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙද එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා...

" අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,
ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
❀❀❀❀❀❀❀

මෙය මා අන්තර්ජාලයෙන් උපුටාගත්තේ සරසවි අධ්‍යාපනය ලබන , ලබන්නට බලාපොරොත්තු වන අප සැම වෙනුවෙන්.. ආදරයක් පැරදුනා කියලා කවදාවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න එපා.. මොකද අපි ඒ ආදරය කරපු කෙනා දැනගෙන සුලු කාලයක් වුනත් අපිව වදපු , හැඩි දැඩි කරපු දෙමවුපියන් අපිව උපතේ සිට රැක බලාගත්තා..

ආදරයක් නම් නැවත ලබාගන්න පුලුවන් මිතුරනේ.නමුත් ජීවිතය අපිට ලැබෙන්නේ එක වරයි..