Friday, August 4, 2017

සයිටම් සිසුන් පව්කාරයන්ද? හොරුන්ද?

අද මේ වන විට සයිටම් හොර උපාධි  කඩය පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැත. එහි සිදුවන්නා වූ නොමනාකම්, රඟදැක්වීම් මෙන්ම අපරාධ වසන් කිරීම් රට හමුවේ එළිවී ඇත. මා සිතනා අන්දමට නම් මේ කිසිවකට වගකිව නොයුතු සයිටම් ශිෂ්‍යයන් පමණක් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසී ඇත. එහෙත් පෙර සඳහන් වැරදි වලට සැබෑ වැරදිකරුවන් ලෙස පිළිවලින් නෙවිල් ප්‍රනාන්දු, සමීර සේනාරත්න, ආනන්ද සමරසේකර එක් එක් පුද්ගලයන් වශයෙනුත්, මේ සියළුම වැරදි වල මූලිකයන් ලෙස රාජිත , එස්.බී. , කිරිඇල්ල යන ඇමති(හොරු) වගකිවයුත්තන් ලෙස මා දකිමි. 

නමුත් මා නැවතත් කියන්නේ, මේ පූර්වෝක්ත සියලුම වැරදි වලින් සමාජයෙන් නරක නාමය ලබාගෙන ඇත්තේ සයිටම් සිසුන් වීම ඔවුන් ලද අභාග්‍යයකි.


මා මිතුර, සයිටම් හොර උපාධි ආයතනයේ ඉන්නේද, අප වන් තරුණ තරුණියන් පිරිසකි. ඔවුනටද මේ රටේ ගරුත්වයක් ඇතිව ජීවත්වීමේ අයිතියක් ඇත.

නමුත් සයිටම් සිසුන් තේරුම් ගත යුතු සත්‍යයක්, තවමත් ඔවුන් තේරුම් ගෙන නොමැත. එනම්,


මා රාජිතගේ මාධ්‍ය ප්‍රකාශයක් පෙර දිනෙක දුටුවෙමි. හෙතෙම "සයිටම් පහක් තව එනව, හරිය..[සුපුරුදු කැත හිනාව]" ලෙසින් පැවසීය. ඒ අනුව ඔහු තවත් සයිටම් 5 ක් ගෙන ඒමට පිඹුරුපත් සකස් කර නන් දොඩවන බවක් පෙනේ.

එම සයිටම් පහක් ගෙන ඒම සදහා, මේ සයිටම් එක ස්ථාපිත විය යුතු බව, මොළය අංශුවක් ඇත්තවුන්ටද තේරේ යැයි මා සිතමි. ඉතිං; රාජිත, කිරිඇල්ල ඇතුලු සයිටම් හිතවාදීන් යැයි මවා පෙන්වන ලව් එක ඇත්තේ සයිටම් ශිෂ්‍ය ඔබ කෙරෙහි නොව, අර ලංකාවට පැමිණීමට නියමිත අනෙක් සයිටම් පහේ කුට්ටිය වෙතය.
 
මදක් සිතන්න. එවිට ඔබලා හට මනා සේ වැටහෙනු නියතය.

ඔබ සයිටම් සිසුන් සියලුදෙනා, අර මතු පැමිනෙන්නට නියමිත හොර උපාධි කඩ ගොදුර ඩැහැ ගැනීමට ගන්නා "ඇමක්" පමණි.

සිතන්න මා සයිටම් සොයුරු සොයුරියනි. ඔබලා කෙසේ හෝ, දෙමාපියන්ගේ සල්ලි වලින්, දෙමාපියන්ගේ දේශපාලන බලයන්ගෙන් මෙකී උපාධිය ලබාගත්තේ යැයි. නමුත් ඔබ සැම සයිටම් නැමැති "හොර උපාධි කඩයේ ශිෂ්‍යයන්" ලෙස හංවඩු ගැසී අවසන්‍ ය.


එහෙත් එය රාජිතට, කිරිඇල්ලට, එස්.බී ට ප්‍රශ්ණයක්ද? මා එයට පිළිතුරු නොදෙන්නෙමි. එම පිළිතුර ඔබම සිතාගන්න.  


කෙසේ වෙතත්, සයිටම් ජනසතු නොවුනහොත් රාජිතලාගේ ගොදුර සම්පූර්ණය. රාජිතගේ ගොදුර සඳහා ඇමක් වූ සයිටම් සිසු ඔබ සැමදාම නරක නමක් සහිතව දිවි ගෙවනු ඇත. නමුත්, වෙනත් නම් වලින් ලංකාවට පැමිණෙන උපාධි කඩ වලට යන්නවුන් හට ඒ නරක නාමය ගෑ වෙන්නේ වත් නැත. 

මෙකී හොර උපාධි කඩ කියන නරක නාමය නිසා, ඔබලා මුළු ජීවිත කාලය පුරා දුක් විදිනු ඇත. මිනිසුන්ගේ ගෞරවය කෙසේ වෙතත්, නිග්‍රහ නම් ඇසීමට සිදුවනු නොඅනුමානය. 

මේ සියල්ල සිදු වුවද, රාජිතටත් කිරිඇල්ලටත් පඩේක ගානක් නැත. මොකද, උන් හට ගොදුර ඩැහැ ගැනීම සදහා සයිටම් සිසු ඔබ සියලුදෙනා ඇමක් පමණක්ම වන නිසාවෙනි.


රජයේ වෛද්‍ය පීඨ සිසුන් මෙහි ජයපැන් බොන දිනය අත ළඟය.

නුමුත්, මා මේ සදහා සයිටම් සිසු ඔබත්, දිනනා විසදුමක් දීමට කැමැත්තෙමි. මන්දයත්, රජයේ විශ්ව විද්‍යාලයේ සිටිනා සිසුවාත්, සයිටම් සිසුවාත් මේ සයිටම් හොර උපාධි කඩ සටනෙන් පරාද විය යුතු නැත. ඔබලා මෙහි අපරාධකරුවන් නොවේ. එයට තරුණයන් ලෙස අපද කැමති නැත.
මදක් සිතන්න මා සොයුර.


එන්න. ඔබත්, අපත් එක්ව සටන් වදිමු. දැන් රජයේ වෛද්‍ය සිසුන් සටනේ අවසානයට පැමිණ ඇත. ඔවුන් මේ සටන නියතව ජයගනු ඇත. එයට  ඉතිහාසයේ සාක්ශි දරයි.
 
ඉතිං මා සොයුර, සොයුරිය. මෙම සයිටම් හොර උපාධි කඩය, "නැගෙනහිර කොළඹ රාජ්‍ය වෛද්‍ය පීඨය" ලෙස නම් ලැබී, එයින් බිහිවන වෛද්‍යවරයකු වී ජනතාවගේ බුහුමන් මත අභිමානවත් ලෙස ජීවත් වීමට ඉඩ හසර පවතී. එයින් සැබෑ වන්නේ ඔබේ හීනය පමණක් නොව, ඔබලාගේ දෙමාපියන් දැකපු සිහිනයයි. නමුත්, සයිටම් ශිෂ්‍ය ඔබලාව ඇමක් කරගත්, ඇමති සිහිනය නම් බොදවනු නියතය.



නමුත්, මාගේ පූර්වෝක්ත අදහසට එක් පාර්ශවයකට විරුද්ධ වීමට සිදුවේ. ඒ වෛද්‍යවරයකු වීමට අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව, තම මුදල් බලය මත පමණක් සයිටම් වෙත පැමිනි උන්ටය.

නුමුත්, පැහැදිලිවම අධ්‍යාපන සුදුසුකම් සැපිරූ, එහෙත් වෛද්‍ය පීඨයකට ඇතුලත් වීමට නොහැකි වූ සයිටම් ශිෂ්‍ය ඔබ, පෙර කී සුදුසුකම් නොලත් එවුන් සදහා තම ආත්ම ගරුත්වය පාවා දෙන්නේද? ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ජීවත් වෙමින් සමාජයට සේවයක් කරන අන්දම සිහින දුටු තම දෙමාපියන්ව පාවා දෙන්නේද?
 

ඉතිං, මේ ඇරයුම සයිටම් හි, සුදුසුකම් සැපිරූ අපේම සහෝදර සහෝදරියන් වෙතයි. ඔබ සැම යුක්තිය උදෙසා සටන් වැදිය යුතු මොහොතකි. "සටන" යන වචනය ඔබලා හර නුහුරු වුවද, එය හුරු කරගත යුතු මොහොතයි. සයිටම් සිසුන් ඇමක් ලෙස පාවිච්චි කළ, රාජිතටත්, කිරිඇල්ලටත් පාඩමක් උගැන්විය යුතු මොහොතයි. මතක තබා ගන්න, අප සැම එක්වූ කල නරුම පාලකයාට තරු පෙනෙනු ඇත.

 
ඉතිං, එක්වෙමු, යුක්තිය උදෙසා සටන් වදිමු අපත් සමග.
 
මන්දයත්, අනාගතයේදී ඔබගේ "වෘත්තීය සගයන්" එනම්,  ඔබ වැඩ කළ යුතු වන්නේ රාජිත හෝ කිරිඇල්ල හෝ එස්.බී. සමඟ නොව රජයේ වෛද්‍ය පීඨ සිසුන් සමඟින්  ය. තීරණය ඔබ සතුය.

~ජඩයා~

Wednesday, July 5, 2017

බක පණ්ඩිතයෝ හා කෑ පතේ පහරන්නෝ

මා මෙවර මාගෙ ලැප් ටොප් එක අතට ගන්නේ මේ දින වල බුකිය කලබල කරනා පෝස්ටුවක් සම්බන්ඳයෙනි.


එය "නොමඟ යන සයිටම් විරෝධය" යන මැයෙන් ලංකාදීප පත්තර ඔන් ලයින් කියවුමකි. එහි ලින්කුව මා පහතින් දක්වන්නේ අවශ්‍ය කෙනෙකුට බලා ගැනීමටත්, පණ්ඩිතයන් ගේ තරම පෙන්වීමටත්‍ ය.

http://www.lankadeepa.lk/features/

මා මෙහි සිට යම් කරුණු කීපයක් ඔබගේ පහසුව සඳහා උපුටා ගන්නෙමි.


නොමඟ යන සයිටම් විරෝධය




(ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය - ප‍්‍රදීප් ද සිල්වා)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වනවිට එම්.බී.බී.එස් ප‍්‍රාථමික උපාධිය ලද වෛද්‍යවරයා එම උපාධිය ලැබීමෙන් පසුව සියලූ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව ඇත්තෙකැයි යන පණිවුඩය සමාජයට දෙයි. සයිටම් උපාධිය තත්ත්වයෙන් බාල එකක් බැවින් රෝගීන් මිය යා හැකි බැවින් මේ සටන ඊට එරෙහිව බව ද කියයි. ඔවුන් නොකියා කියන්නේ එම්.බී.බී.එස් ලාභී වෛද්‍යවරයා සර්වලබලධාරි විය යුතුය කියාය.
...........................
එහෙත් ඔහුට ශල්‍ය වෛද්‍යවරයකුගේ හැකියාව ඉන් ලැබෙන්නේ නැත. සියල්ල තීරණය වන්නේ ලබාදෙන පුහුණුව මතය. මේ තර්කයටම අදාළ දෙවැනි කාරණය වන්නේ පුහුණුවේ මට්ටම්ය. ප‍්‍රමිතියෙන් යුතු  එම්.බී.බී.එස් වෛද්‍යවරයකු අපට ක‍්‍රම දෙකකට පුහුණු කළ හැකිය. එකක් නම් පුහුණු වෛද්‍ය කාණ්ඩයයි. අපේ රටේ සාතිශය බහුතරයක් වෛද්‍යවරුන් අයත්වන්නේ මේ පුහුණු වෛද්‍ය නමැති කාණ්ඩයටය. සරලව කිවහොත් තමන්ට උගන්වා ඇති දෙය ක‍්‍රියාවට නැඟීමට ඔවුනට හැකිය.

උදාහරණයකට ඇස් රෝහල ගනිමු. ඇස් පිළිබඳව කටයුතු කරන එහි වෛද්‍යවරුන්ට ඇසට වැටුණු කුණු කැබැල්ලක් ඉවත්කිරීමට, ඇස් පරීක්ෂා කිරීමට, උපැස් යුවලක් නිර්දේශ කිරීමට, ඇස්වල රුධිර පීඩනය මැනීමට හැකිය. එය තවත් දියුණු කර ඇස් කාචයක් දැමීම වැනි තත්ත්ව දක්වා වර්ධනය කළ හැකිය. මා යටතේ පුහුණුව ලබන වෛද්‍යවරුන්ට සීසර් ශල්‍යකර්මයක් කිරීමට, නළ ගර්භයකදී නළ ගර්භය ඉවත්කිරීමට එක්තරා පුහුණුවක් දී ඇත්තෙමි. එහෙත් යම්කිසි පුද්ගලයකුගේ කනට කෘමි සතකු ඇතුළු වූ විටක ඌ ඉවත්කිරීමට ඔවුන්ට නොහැකිය. එවැන්නකට ඔවුනට පුහුණුවක් නැත.
................................................

ඉහතින් සඳහන් කරන්නේ මා උපුටා ගන්නා ඡේදයන් ය.

ඔබ හුදෙක් SAITM ඕනෑ යැයි කියනා ඉගනගත් අතලොස්සෙන් එකෙකි. නමුත් බොහෝ උගතුන් හට සයිටමය නම් එපාමය.

ඔබ පවසන අන්දමට MBBS උපාධිය ප්‍රාථමික උපාධියකි. එය ඔබ පෙන්වන්නා වූ උදාහරණ සමඟ සත්‍ය යැයි සිතේ. 
මන්දයත්, විශේෂඥ වෛද්‍ය වූ ඔබ ඔබගේ අංශයෙන් දක්ශයෙකි. එය තරකයක් නැතුවම මා පිළිගනිමි.

එසේ නම් දයාබර " සර් ", විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා මහතානෙනි,
ඔබතුමන් ගොඩනැගූ තර්කයෙන්ම ඔබතුමන්  වැරදි බව පෙනෙන්නේ,

වෛද්‍ය අධ්‍යාපණය පිළිබඳව මහාචාර්‍ය  ඉන්දික කරුණාතිලක [MBBS (Col.), CTHE (Col.), DMedEd (Dundee), MMedEd (Dundee), FHEA (UK), FCGP (SL)] මහත්මයාට අනුව සයිටම් යනු නිරර්ථක, රට මෙන්ම රෝගීනද විනාශ මුඛයට ඇද දමන, වෛද්‍ය අධ්‍යාපණයට විණ කරන ආයතනයක් බැවිනි.

ඉතින් ප්‍රදීප් සිල්වා මහතානෙනි, ඔබ වසර කිහිපයකට පෙර මැටි ගොඩක්ව MBBS ඇතුව එලියට පැමිණ, පසුව එම MBBS මැටි ගොඩෙන් සෑදූ පිඟාන වන ප්‍රසව හා නාරිවේදය රැකගෙන, කට වසා සිටින්නේ නම් මැනවි. 

මන්දයත්, වෛද්‍ය අධ්‍යාපණය පිළිබඳව උපදෙස් ගැනීමට අප හට MBBS මැටි ගොඩ
වෛද්‍ය අධ්‍යාපණය පිළිබඳව මහාචාර්ය ලෙස ඔප් නැංවූ, මහ පොළොවේ පය ගැසූ මිනිසෙකු සිටින නිසාවෙනි. එබැවින්
වෛද්‍ය අධ්‍යාපණය පිළිබඳව පණ්ඩිතයන් ප්‍රදීප් මහතා නොව ඉන්දික මහත්මයා බව අප දනිමු.
තවත් එක් කරුණක් කීමට ඇත. මෙම සටන ශිෂ්‍යයන් සිදු කරනුයේ කිසිම ආත්ම ලාභයක් උදෙසා නොවන අතර, නමුත් ප්‍රදීප් මහතා දියත් කරන සටන නම් පැහැදිලිවම වෛද්‍ය සභාවේ ලොකු තනතුරකට පත්වීමට දරන තැතක් දැයි යම් සැකයක් මා හට පවතී.

~ස්තූතියි~

Friday, March 10, 2017

සයිටම් යථාර්ථය

මේ දින වල රටේ බොහෝ දෙනාගේ අවදානය දිනා ගත් සයිටම් ගැන විවරමු.
ඉදින් මට මුලින්ම කීමට ඇත්තේ,
සයිටම් ළමයි අසරණය. උන් දැං උද්ඝෝෂණ කරති. නිහඩ උද්ඝෝෂණයක් යැයි කියා, මුඛ ආවරන පැලඳ පාරේ හිටගෙන සිටියෝය. උං පව් ය. උද්ඝෝෂණයක් කරන්නට උංට අමාරුය. දූවිලි වැදුනොත් හෙම්බිරිස්සාව හැදේ යැයි බියෙන් නහය කට වසා සිටියෝය. මට දුක සිතුනි. දැන්, මහා සල්ලි කන්දරාවක් නෙවිල් ප්‍රනාන්දු වෙත ලබා දීමෙන් අනතුරුව, නෙවිල් ප්‍රනාන්දුගෙ සුඛ විහරණයට කබුරන්නටද උංට සිදු වී හමාරය. ඇත්තටම සයිටම් ශිෂ්යයන්, නෙවිල් ප්‍රනාන්දු ඇතුලු හොර රැලේ, වහල් සේවකයන් වී හමාරය.
ඉතින් මෙහිදී සිදුවන්නේ කුමක් දැයි හොඳින් ඇස් ඇර බැලුවොත් මනා සේ පැහැදිලි කරගත හැකිය.
වසරකට සිසුන් කණ්ඩායම් 2ක් බැගින් ළමුන් 400 ක් බඳවා ගන්නා මේ ආයතනයේ මාසික ආදායම සුලු මොහොතකට ගණනය කරමු. මෙහිදී අපි එක් සිසුවෙකුගෙන් ලක්ශ 90 ක් ලෙස කල්පිත කරගමු. (සැබැවින් එය ලක්ශ 120 ඉකමවන බව සිහියේ තබා ගනිමින්)

වසරකට බඳවා ගන්නා ළමුන් ගනන  = 400

එක් ළමයෙකුගෙන් අයකර ගැනීම  = ලක්ශ 90

වසරක මුළු ආදායම  = ලක්ශ 90 * 400 = ලක්ශ 36000

මාසික ආදායම රුපියල් = ලක්ශ 36000/12 = ලක්ශ 3000 (මිලියන තුන්සීයක්)

මෙය ලක්ශ 120 ක් වෙයි නම් ආයතනයේ මාසික ආදායම රුපියල් ලක්ශ 4000 ක් බව සිහි තබා ගමු.
 
මාසෙකට ලක්ශ තුන්දහසක ආදායමක් සයිටම් හි වෙද උපාධිය පමණක් විකිණීමෙන් ලබනා ආදායම මෙය වන අතර, රෝහලේ, රුධිරය පවා විකිණීමෙන් ලබා ගන්නා ආදායමත් එකතු වන්නේ නම් මෙහි අගය තවත් ලක්ශ දහස් ගණනකින් ඉහල යනු ඇත.

මින් සතියකට දෙකකට පමණ පෙර සයිටම් හි පරිපාලනය හා සම්බන්ධ මහතෙකු රූපවාහිණී සංවාදයක [හිරු TV - බලය] ඉතාමත් ලස්සන කරුණක් හුවා දැක්වීය. නිවේදක මහතා, සයිටම් ආයතනයේ මේ තරම් ප්‍රශ්න ඇතත් තව දුරටත් ළමුන් බඳවා ගන්නේ ඇයි දැයි ඇසූ විට, හෙතෙම ක්ෂණයකින් "ආයතනයක් පවත්වාගෙන යාම සඳහා මුදල් අවශ්‍යයි. ඒ සඳහා ළමුන් බඳවා ගැනීම අවශ්‍යයි." ලෙසින් පැවසීය. ඉතින්  මා හට මින් ඉස්මතු කලයුතු කරුණ වන්නේ සයිටම් ආයතනය සයිටම් ළමුන්ගේ ආයතනයක් නොව, සයිටම් ළමුන් හට සුබ සිද්ධිය සලසන තැනක් නොව, සයිටම් ශිෂ්‍ය ඔබ එම ආයතනයේ හොරුන්ගේ පැවැත්ම තහවුරු කරන අයිටමයක් පමණි. ඔබගේ ජීවිත වල වටිනාකම නෙවිල් ප්‍රනාන්දු මිලියන තුන්සීයකට ලංසු තියා හමාරය.

මේ දිනවල ෆේස් බුක් හරහා පැතිරෙන පෝස්ටුවක් දුටිමි. එහි ළමයෙකු, අමුතු කතාවක් ඉදිරිපත් කර තිබිණ. ඔහු තමා දක්ශයෙක් යැයි කියා ගනිමින්, කුඩා කාලයේ සිට පෞද්ගලික අධ්‍යාපනය හැදෑරූ නිසා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් විය නොවූයේ යැයිද, තමා ලන්ඩන් A/L විභාගයේ යම් උසස් සාමාර්තයක් ලබා ගත්තායැයිද, තමා ඉතා කට්ටක් කමින් ඉගනගත්තේ යැයිද කියමින් බුකි විරුවෙකු වනු දුටිමි. ඉතින්, අපි එකින් එක පොදුවේ  සලකමින් විස්තර කරගමු. යමෙක් පෞද්ගලික අධ්‍යාපනය ලබන්නේ ඔහුට පාසලක් නොමැති වීම නම්, එය රජයේ වැරැද්දකි. ඔවුනට කෙසේ හෝ පාසල ලබා ගැනීමට අයිතියක් ඇත. පෞද්ගලික අධ්‍යාපනය ලැබී මට ඇති අනෙක් හේතුව වන්නේ රජයේ පාසල් වල පහසුකම් මදි වීමය. මීට අතරව තමාගේ මහන්තත්වයට, ගෙදර වැඩකරන සුමනාවතීගේ කොල්ල යන ඉස්කෝලෙට යැවීමේදී සිදුවන මදිකමය. එබැවින් එහි නිදහසට කාරණයක් නොමැත.
අනෙක් කරුණ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට ශ්‍රීලංකාවේ උසස් පෙල ලිවීම අනිවාර්‍යය. එය පෞද්ගලිකව ඉල්ලුම් කර ලිවීමට හැකිය. එහිදීද එම සිසුන් හට තමා සයිටම් තෝරා ගැනීමට එය හේතුවක් යැයි කීම නිදහසට කරුණක් නොවනු ඇත.
පිටරටින් ආ පමණින් එය ලොකු නොවනා බව බොහෝ දෙනෙකුට අද වන විට අමතකය. ලන්ඩන් A/L අපේ රටේ උසස් පෙල සමග සන්සන්දනය කිරීමට තබා, එකට කීමටවත් සුදුසු නොවනා බව දන්නෝ දනිති. මාගේ මතකය නිවැරදි  නම්, අප පාසලේ ජීව විද්‍යා පංතියේ සියලු දෙනාම උසස්පෙලට ඇතුලු වී පලමු අවුරුද්ද ගෙවී යනකොට, ඔය විබාගයේ ප්‍රශ්න පත්‍ර සඳහා 70 ට ඉහල ලකුණු ලබා ගත්තේය. එය එතරම් පහසු විබාගයක් යයි මා නොකියමි. නමුත් එය අපගේ උසස් පෙල විබාගය හා කිසි සේත්  තරම් නොවේ.
එමෙන්ම, පෞද්ගලික අධ්‍යාපනය ලබන්නෙක් හෙතෙම පට්ට කට්ටක් කෑවේයැයි කියන්නේ  නම්, අපේ උන් කාපු කට්ට කොයි තරම් ලොකු යයි සිතා ගත නොහැකිය. හරියක බඩට බත් ටික දාගන්නෙ නැතිව පාඩම් කරපු අපි, අපිටම වැඳ පුදා ගත යුතු  වන්නේය.

 පාර්ලිමේන්තු සයිටම් පිළිබඳ විවාදයේදී මා හට එස්. බී. දිසානායක ඇමති කරන ලද ප්‍රකාශයක් කන වැකුණි. හෙතෙම, තම උච්ච ස ස්වරයෙන් කෑ ගසමින් කියා සිටියේ "සමහර දෙමව්පියන්, රජයේ කැම්පස් වලට දරුවන් යවන්නේ  නෑ, මොකද නවකවදය නිසා" කියාය. එම අසූචි කටා හට කීමට ඇත්තේ, ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූල වෛද්‍ය  විද්‍යාල කිසිවක තුල නවක වදය නැති බවයි.
 හෙතෙම උඩ පනිමින් කියා සිටියේ නැගෙනහිර, රජරට හා යාපනය විශ්වවිද්‍යාලයයන්හි කිසිදු මහාචාර්යවරයකු නැති බවයි එය ඇත්තක්ද, බොරුවක්ද යන්න මා  නොදනිමි. එය ඇත්තක් නම්,] එම ලැට් කටා හට කීමට ඇත්තේ එය තොපගේ වැරැද්දක්, තොපගේ නොහැකියාවම පෙන්නන්නක් මිස අන් කවරක්වත් නොවේය යන්නයි. එමෙන්ම, සයිටම්  අයතනයේ මහාචාර්යවරුන් විසි ගනනක් ඇති බව කියමින් ඔහු ජනතාවට පසක් කල හුදී සත්‍යය ; එනම්, පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල  වලට අත් වන්නා වූ ඉරණම මිස අන් කවරක්.ද..? ඉදින් පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමෙන් නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් වන අකාරය සයිටම් බේරා ගැනීමේ කතාවේදී, සයිටම් සල්ලි වලින් ගණිකාවක් කරවූ අසූචි කටා, එස්. බී. දිසානායක විදහා දැක්වීය.


මේ අතර අනෙක් සයිටම් ගණිකාව කිරිඇල්ල, ඌ හට පඩයක් ගියද කියවෙන්නේ, "නඩු තීන්දුවක් දීල තියෙන්නෙ" යන්නය. තමා විසින් පිබුරුපත් සකසා ගත් නඩු  තීන්දුව දඩමීමා කරගෙන සෑම දේටම කෑ ගසනා හෙතෙම මා හට පේන්නේ, නිල් චිත්‍රපටයක රගපාන නිලියක් ලෙසය. ඒ මන්දයත්, ඔවුනට කුමක්  කරත්, ඔවුන් කෑ ගසන්නේ " ඕ. ෆක් මී.. ඕ. ෆක් මී.." කියා පමණකි.



සයිටම් හි චිත්‍රපටය " සමීර හා තුව්වක්කුව " කුජීත විය. දැන් ඔහු කියනා අන්දමට මේ සිදු වීම කවුරුවත් නොදැන කරන ලද්දකි. මා හට ඇසීමට ඇත්තේ එක ප්‍රශ්ණයකි. වෙඩි  තබපු මංත්‍රී හෝ අනෙකා සමීර හට ලියුමක් දී ඇත්තේ, මොන ලබු ගෙඩියකටද යන්නය. එම ලියුමේ සඳහන් පරිදි වෙඩි තැබීම කර ඇත්තේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවය. එහෙත් බාරවෙන්නේ, සමීරගේ හෙංචයියන්‍ ය. ඉතාමත් පැහැදිලිය. සයිටම් හා එක්ව UNP ආණ්ඩුව සැරසුනේ අන් කිසිවකට  නොව, පුරුදු ලෙස ශිෂ්‍යයන් බිලි ගැනීමටය. ඉදින්, ආණ්ඩුවට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්දයත්, හොරුත් උන්ම වන නිසාමය.

මේ සියල්ල මත්තෙන්, තැලෙන්නේ අප ශිෂ්‍ය  ප්‍රජාවය. එයට සයිටම් මෙන්ම අප වෛද්‍ය පීඨයන්ගේ සිටිනා වූ  සියල්ලන්ම අයිතිය. උං සල්ලි ගරති. අප අරගල කරති. නමුත් රජයට අමතක වූ දෙයක් ඇත. උං පත් වන්නේ අපගේ චන්දයෙන් යන වග.
කීමට ඇත්තේ එකකි. සයිටම් හොර ගුහාව වහා අහෝසි කල යුතුය. එහි ඉගන ගන්නා සිසුන්  හට සාධාරණය ඉටු විය යුතුය.
 

සිසු සටන් කවදාවත් පරාද වී නැත. ජයග්‍රහණය අත ලඟය. මෙයද අප ජය ගන්නෙමු. දේශ පාලකයන්ට අවශ්‍ය අපේ ලේ නම්, එය පුදා හෝ වුව නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටද අප පසුබට නොවන්නෙමු.

Wednesday, February 1, 2017

නීතියේ වෙසඟන හා සයිටම් මොණර කොළ

සමාජ ශාලා වල පෝල් ඩාන්ස් දමනා ගැහැණුන් මා හට 2017 ජනවාරි 31 දින මුළුල්ලේම සිහි ගැන්වින. ඒ නම් අන් කිසිවක් නිසා නොව එදින ලැබුන නඩු තීන්දුවක් නිසාමය. එදින, කලු දිනයක් බවට පත් වූ සයිටම් නඩු තීන්දුව ශ්‍රී ලාංකික ජනතාවට ලබා දුන්නේ, අලුත්කඩේ උසාවියෙනි. එය ඔබ සැම දැනුවත් යැයි මා සිතමි.
ඉතින් මා මෙසේ අරඹමි.

සමාජ ශාලා වල ගැහැණුන්,පෝල් ඩාන්ස් දමනා ආකාරය අප කොතෙකුත් ඉංග්‍රීසි සිනමාවේ දැක ඇත. කස්ටමර් වීසි කරන සල්ලි කොල වලට, ඇය තම නිරුවත මනාව පෙන්වමින්, පියයුරු වනමින්, පශ්චාත් ප්‍රදේශ වනමින් නටයි. ඇතැම් විට, යහමින් සල්ලි වීසි කරන කස්ටමර් ලගට ගොස් උකුලේ වාඩි වී කාමුක රංගන වල යෙදෙන්නටද ඇය පසුබට නොවෙයි. තවත් සල්ලි ඇත්නම්, ඇය තමාගේ ලිංගික සංතර්පණය උදෙසා, යහන් ගතවීමට වුවද පාවිච්චි කරනා අන්දම ඉංග්‍රීසි සිනමාවෙ අප දැක ඇත.

මෙකී සියලුම කාර්යයන්, අප මනාව අලුත්කඩේ උසාවිය ඉදිරිපිටදී, ජනවාරි 31 වෙනිදා දුටුවෙමු. සරලව කියතොත්, නීතියේ කන්‍යාව, අභිසරුලියක් වූ අයුරු දුටුවෙමු.
 
උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ල, සෞඛ්ය ඇමති රාජිත, එස්. බී. දිසානායක ඇතුලු බොහොමයක් මැති ඇමතිවරු, පිරිමි ගණිකාවන් බව අප දනිමු. ඔවුන්ගෙන් අකටයුත්තක් සිදුවෙද්දී, අපකවුරුත් පිහිට පතනා නීතියේ කන්‍යාව ගණිකාවක් බව නොදැන සිටියෙමු.
කෙසේ වෙතත් එක් දෙයක් අප මනාව දනිමු, මනාව දුටිමු.
කිරිඇල්ල (අපේ කැම්පස් උන් කාලකණ්නියා කියන නමින් ඔහුව ආමන්ත්‍රණය කරති.) කතා කරද්දී, උගේ කටන් කෙල වෙනුවට එන්නේ ත් ඌ උදේට රෙන්නේ ත් නෙවිල් ප්‍රනාන්දුගේ මොණර කොල බව. ඉතින් උගෙන් අපිට තඹයක දෙයක් බලාපොරොත්තු විය නොහැක. මන්දයත්, බිලියන් ගානක් උගේ ස්විස් ගිණුමට නෙවිල් ප්‍රනාන්දු මේ වෙනකොටත් දමා ඇති බැවින. එයට සාක්ෂි අනවශ්‍යය. කතාකරන වචනයක් පාසා ඌ එ බව පෙන්නන්නේ, ඌත් නොදැනමය. 
එකී මෙකී නොකී කාලකණ්නි ඇමතිවරු රැසක් නෙවිල්ගේ මුදලට තම ආත්මය විකුණා ඇති බවද අපි මනාසේ දනිමු.
 
ඉදින් අපි බලමු මෙකී සයිටම් අනුමත කරාට අප රටට ලැබෙන්නාවූ ප්‍රතිපලය මොකක්ද කියල.
අපගේ රටට වෛද්‍ය උපධිය පිරිනැමීමෙ, තත්වය සහ ගුණාත්මක බව පිළිබඳව වගකිවයුතු වෘත්තීය ආයතනය
වෛද්‍ය සභාවයි. ඔවුන් විසින්පත් කරන ලද දිවයිනේ සියලුම පලාත් වල මහාචාර්ය වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක්  විසින් නිර්දේශ කළ අයුරින්, සයිටම් ආයතනය උපාදි පිරිනැමීමෙ අවම සුදුසුකම් සපුරා නොමැත.  

නමුත් ඇමති රාජිත පුත්, සරූපා සමන්ගි මණතුන්ග (සයිටම් හි අධ්‍යාපනය ලබන ශිෂ්යාව) ගේ සැමියා වන චතුර සේනාරත්න, සයිටම්හි උපදේශක ලෙස ඉන් වැටුප් ලබනා අශු මාරසිංහ යන අයගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් සයිටම් උපාදි කඩය තත්ත්වයෙන් හොඳ යැයි කිවූ පමණින් අදිකරන අනුමැතිය ලබ ගන්නේ කිනම් බලපෑමක් නිසාදැයි සැමටම පසක් ය.
නමුත් මින් සිදුවන්නේ තත්වයෙන් බාල වෛද්යවරුන්ගෙන් රටවැසියා වලපල්ලට දැක්වීමයි. මැති ඇමති උං බෙහෙත් ගන්නේ සිංගප්පූරුවෙනි. සිංගප්පූරුවෙ දොස්තරලාගෙ තත්වය මනා ලෙස පාලනය වෙයි. එය ලෝකයේ අංක එකේ රෝහලකි. ඉතින් උන්ට මේ රටේ කුමක් වූවත් ප්‍රශ්නයක් නැත. සැමදාම උං කරනා දෙයින් තැලෙනා සාමාන්‍ය මිනිසාම මෙදිනත් තැලෙන්නේය.
ඔව්. දැන් උබලා හිතන්නේ..අපි කොරහේ කිඹුල්ලු දකිනවා කියල. හරි. දැං මේක හිතපං.
අපේ අල්ලපු රට, ඉංදියාවේද ඇත්තේ, අප රටේ මන් කාලකණ්නි දේශපාලනයකි. මෙලෙසින්ම ඔවුන් කලකට ඉහතදී වෛද්‍ය අද්‍යාපනය පෞද්ගලීකරණය කරන ලදි. එකල එම දේශපාලන්ගයන් කිව්වේද මුන් කියනා කතාමය. ලංකාවේ මේ තත්ත්වය, ඉංදියාවේ එකල ඇති වූ අතීත සංසිද්දියේමෙ නැවත සිදුවීමකි. ඉතින්, ලංකාවේ අනාගතය අපිට ඉංදියාවේ වර්තමානයෙන් බලාගත හැකිය. 

එනම්, මිනිසුන් උස්සාගෙන ගොස් වකුගඩු කපා විකිනීම, ළමුන්ට කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය කිරීමට සලස්වා ඔවුන් මරණයර පත්කර ඔවුන්ගේ අවයව විකිනීම මෙන්ම, හොර ඖශධ මාෆියාව සහ තත්ත්වයෙන් බාල වෛද්‍යවරුන් යටතේ මිනිසුන් ප්‍රතිකාර ලැබීම, අනාගතයේ  අප රටට මුහුන දීමට සිදුවන අතුරු ප්‍රතිපලයන් බව නිසැකය.

කිරිඇල්ලට මේහි අතුරු ප්‍රතිපල විඳීමට සිදුවනු ඇත්ද? එස්.බී. උබට මේකේ ගානක්වත් දැනෙනු ඇත්ද? රාජිත උබට මේ සිද්දි දාමයම සිදුකළා කියල එක අංශු මාත්‍රයක සිත් වේදනාවක් ඇත්ද? නැත. උන් මෙය පඩේකටවත් ගනන් ගන්නේ නැත.මෙයින් දුක් විඳින්නේ අපේම අසරණ ජනතාවමය.

රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කර, රට විනාශ මුඛයට
ගෙනියන මෙකී කාලකණ්ණි හට කීමට දෙයක් ඇත. උං දැනගත යුතු දෙයක් ඇත.
මේ විශ්වවිද්‍යාල  පද්ධතිය අප මෑණියන්මය. ළමයි ලක්ශ ගණනක් වදාපු මෑණියන්මය. අප ඇයගේ වර්තමාන දරු පරපුරය. එකල ත්‍රිමාලා, වෙණුරලා තම ජීවිතය දී රැක බලාගත් අම්මාව, කෙදිනකවත් ඇමති තොපේ මුදල් තන්හාවට තන්හාවට දූෂණය කරන්නට ඉඩ නොතබන්නෙමු. එකෙක් නොව සිය දහස් ගණනක් දිවි පුදා හෝ, මතු උපදින පරපුර උදෙසා අපි මෙය රකින්නෙමු.
 


ප.ලි. 
කාලකන්නි දේශපාලුවනි. ඔබ අත තිබ්බේ රටේ ලක්ශ ගානකගේ මෑණියන්ටය. ඉතින්, ඊලග මැතිවරනයෙන් ඔබලාව ගෙදර යවීමේ කාර්යයේ  මුලසුන අපි ම ගන්නෙමු.