Friday, March 10, 2017

සයිටම් යථාර්ථය

මේ දින වල රටේ බොහෝ දෙනාගේ අවදානය දිනා ගත් සයිටම් ගැන විවරමු.
ඉදින් මට මුලින්ම කීමට ඇත්තේ,
සයිටම් ළමයි අසරණය. උන් දැං උද්ඝෝෂණ කරති. නිහඩ උද්ඝෝෂණයක් යැයි කියා, මුඛ ආවරන පැලඳ පාරේ හිටගෙන සිටියෝය. උං පව් ය. උද්ඝෝෂණයක් කරන්නට උංට අමාරුය. දූවිලි වැදුනොත් හෙම්බිරිස්සාව හැදේ යැයි බියෙන් නහය කට වසා සිටියෝය. මට දුක සිතුනි. දැන්, මහා සල්ලි කන්දරාවක් නෙවිල් ප්‍රනාන්දු වෙත ලබා දීමෙන් අනතුරුව, නෙවිල් ප්‍රනාන්දුගෙ සුඛ විහරණයට කබුරන්නටද උංට සිදු වී හමාරය. ඇත්තටම සයිටම් ශිෂ්යයන්, නෙවිල් ප්‍රනාන්දු ඇතුලු හොර රැලේ, වහල් සේවකයන් වී හමාරය.
ඉතින් මෙහිදී සිදුවන්නේ කුමක් දැයි හොඳින් ඇස් ඇර බැලුවොත් මනා සේ පැහැදිලි කරගත හැකිය.
වසරකට සිසුන් කණ්ඩායම් 2ක් බැගින් ළමුන් 400 ක් බඳවා ගන්නා මේ ආයතනයේ මාසික ආදායම සුලු මොහොතකට ගණනය කරමු. මෙහිදී අපි එක් සිසුවෙකුගෙන් ලක්ශ 90 ක් ලෙස කල්පිත කරගමු. (සැබැවින් එය ලක්ශ 120 ඉකමවන බව සිහියේ තබා ගනිමින්)

වසරකට බඳවා ගන්නා ළමුන් ගනන  = 400

එක් ළමයෙකුගෙන් අයකර ගැනීම  = ලක්ශ 90

වසරක මුළු ආදායම  = ලක්ශ 90 * 400 = ලක්ශ 36000

මාසික ආදායම රුපියල් = ලක්ශ 36000/12 = ලක්ශ 3000 (මිලියන තුන්සීයක්)

මෙය ලක්ශ 120 ක් වෙයි නම් ආයතනයේ මාසික ආදායම රුපියල් ලක්ශ 4000 ක් බව සිහි තබා ගමු.
 
මාසෙකට ලක්ශ තුන්දහසක ආදායමක් සයිටම් හි වෙද උපාධිය පමණක් විකිණීමෙන් ලබනා ආදායම මෙය වන අතර, රෝහලේ, රුධිරය පවා විකිණීමෙන් ලබා ගන්නා ආදායමත් එකතු වන්නේ නම් මෙහි අගය තවත් ලක්ශ දහස් ගණනකින් ඉහල යනු ඇත.

මින් සතියකට දෙකකට පමණ පෙර සයිටම් හි පරිපාලනය හා සම්බන්ධ මහතෙකු රූපවාහිණී සංවාදයක [හිරු TV - බලය] ඉතාමත් ලස්සන කරුණක් හුවා දැක්වීය. නිවේදක මහතා, සයිටම් ආයතනයේ මේ තරම් ප්‍රශ්න ඇතත් තව දුරටත් ළමුන් බඳවා ගන්නේ ඇයි දැයි ඇසූ විට, හෙතෙම ක්ෂණයකින් "ආයතනයක් පවත්වාගෙන යාම සඳහා මුදල් අවශ්‍යයි. ඒ සඳහා ළමුන් බඳවා ගැනීම අවශ්‍යයි." ලෙසින් පැවසීය. ඉතින්  මා හට මින් ඉස්මතු කලයුතු කරුණ වන්නේ සයිටම් ආයතනය සයිටම් ළමුන්ගේ ආයතනයක් නොව, සයිටම් ළමුන් හට සුබ සිද්ධිය සලසන තැනක් නොව, සයිටම් ශිෂ්‍ය ඔබ එම ආයතනයේ හොරුන්ගේ පැවැත්ම තහවුරු කරන අයිටමයක් පමණි. ඔබගේ ජීවිත වල වටිනාකම නෙවිල් ප්‍රනාන්දු මිලියන තුන්සීයකට ලංසු තියා හමාරය.

මේ දිනවල ෆේස් බුක් හරහා පැතිරෙන පෝස්ටුවක් දුටිමි. එහි ළමයෙකු, අමුතු කතාවක් ඉදිරිපත් කර තිබිණ. ඔහු තමා දක්ශයෙක් යැයි කියා ගනිමින්, කුඩා කාලයේ සිට පෞද්ගලික අධ්‍යාපනය හැදෑරූ නිසා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් විය නොවූයේ යැයිද, තමා ලන්ඩන් A/L විභාගයේ යම් උසස් සාමාර්තයක් ලබා ගත්තායැයිද, තමා ඉතා කට්ටක් කමින් ඉගනගත්තේ යැයිද කියමින් බුකි විරුවෙකු වනු දුටිමි. ඉතින්, අපි එකින් එක පොදුවේ  සලකමින් විස්තර කරගමු. යමෙක් පෞද්ගලික අධ්‍යාපනය ලබන්නේ ඔහුට පාසලක් නොමැති වීම නම්, එය රජයේ වැරැද්දකි. ඔවුනට කෙසේ හෝ පාසල ලබා ගැනීමට අයිතියක් ඇත. පෞද්ගලික අධ්‍යාපනය ලැබී මට ඇති අනෙක් හේතුව වන්නේ රජයේ පාසල් වල පහසුකම් මදි වීමය. මීට අතරව තමාගේ මහන්තත්වයට, ගෙදර වැඩකරන සුමනාවතීගේ කොල්ල යන ඉස්කෝලෙට යැවීමේදී සිදුවන මදිකමය. එබැවින් එහි නිදහසට කාරණයක් නොමැත.
අනෙක් කරුණ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට ශ්‍රීලංකාවේ උසස් පෙල ලිවීම අනිවාර්‍යය. එය පෞද්ගලිකව ඉල්ලුම් කර ලිවීමට හැකිය. එහිදීද එම සිසුන් හට තමා සයිටම් තෝරා ගැනීමට එය හේතුවක් යැයි කීම නිදහසට කරුණක් නොවනු ඇත.
පිටරටින් ආ පමණින් එය ලොකු නොවනා බව බොහෝ දෙනෙකුට අද වන විට අමතකය. ලන්ඩන් A/L අපේ රටේ උසස් පෙල සමග සන්සන්දනය කිරීමට තබා, එකට කීමටවත් සුදුසු නොවනා බව දන්නෝ දනිති. මාගේ මතකය නිවැරදි  නම්, අප පාසලේ ජීව විද්‍යා පංතියේ සියලු දෙනාම උසස්පෙලට ඇතුලු වී පලමු අවුරුද්ද ගෙවී යනකොට, ඔය විබාගයේ ප්‍රශ්න පත්‍ර සඳහා 70 ට ඉහල ලකුණු ලබා ගත්තේය. එය එතරම් පහසු විබාගයක් යයි මා නොකියමි. නමුත් එය අපගේ උසස් පෙල විබාගය හා කිසි සේත්  තරම් නොවේ.
එමෙන්ම, පෞද්ගලික අධ්‍යාපනය ලබන්නෙක් හෙතෙම පට්ට කට්ටක් කෑවේයැයි කියන්නේ  නම්, අපේ උන් කාපු කට්ට කොයි තරම් ලොකු යයි සිතා ගත නොහැකිය. හරියක බඩට බත් ටික දාගන්නෙ නැතිව පාඩම් කරපු අපි, අපිටම වැඳ පුදා ගත යුතු  වන්නේය.

 පාර්ලිමේන්තු සයිටම් පිළිබඳ විවාදයේදී මා හට එස්. බී. දිසානායක ඇමති කරන ලද ප්‍රකාශයක් කන වැකුණි. හෙතෙම, තම උච්ච ස ස්වරයෙන් කෑ ගසමින් කියා සිටියේ "සමහර දෙමව්පියන්, රජයේ කැම්පස් වලට දරුවන් යවන්නේ  නෑ, මොකද නවකවදය නිසා" කියාය. එම අසූචි කටා හට කීමට ඇත්තේ, ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූල වෛද්‍ය  විද්‍යාල කිසිවක තුල නවක වදය නැති බවයි.
 හෙතෙම උඩ පනිමින් කියා සිටියේ නැගෙනහිර, රජරට හා යාපනය විශ්වවිද්‍යාලයයන්හි කිසිදු මහාචාර්යවරයකු නැති බවයි එය ඇත්තක්ද, බොරුවක්ද යන්න මා  නොදනිමි. එය ඇත්තක් නම්,] එම ලැට් කටා හට කීමට ඇත්තේ එය තොපගේ වැරැද්දක්, තොපගේ නොහැකියාවම පෙන්නන්නක් මිස අන් කවරක්වත් නොවේය යන්නයි. එමෙන්ම, සයිටම්  අයතනයේ මහාචාර්යවරුන් විසි ගනනක් ඇති බව කියමින් ඔහු ජනතාවට පසක් කල හුදී සත්‍යය ; එනම්, පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල  වලට අත් වන්නා වූ ඉරණම මිස අන් කවරක්.ද..? ඉදින් පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමෙන් නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් වන අකාරය සයිටම් බේරා ගැනීමේ කතාවේදී, සයිටම් සල්ලි වලින් ගණිකාවක් කරවූ අසූචි කටා, එස්. බී. දිසානායක විදහා දැක්වීය.


මේ අතර අනෙක් සයිටම් ගණිකාව කිරිඇල්ල, ඌ හට පඩයක් ගියද කියවෙන්නේ, "නඩු තීන්දුවක් දීල තියෙන්නෙ" යන්නය. තමා විසින් පිබුරුපත් සකසා ගත් නඩු  තීන්දුව දඩමීමා කරගෙන සෑම දේටම කෑ ගසනා හෙතෙම මා හට පේන්නේ, නිල් චිත්‍රපටයක රගපාන නිලියක් ලෙසය. ඒ මන්දයත්, ඔවුනට කුමක්  කරත්, ඔවුන් කෑ ගසන්නේ " ඕ. ෆක් මී.. ඕ. ෆක් මී.." කියා පමණකි.



සයිටම් හි චිත්‍රපටය " සමීර හා තුව්වක්කුව " කුජීත විය. දැන් ඔහු කියනා අන්දමට මේ සිදු වීම කවුරුවත් නොදැන කරන ලද්දකි. මා හට ඇසීමට ඇත්තේ එක ප්‍රශ්ණයකි. වෙඩි  තබපු මංත්‍රී හෝ අනෙකා සමීර හට ලියුමක් දී ඇත්තේ, මොන ලබු ගෙඩියකටද යන්නය. එම ලියුමේ සඳහන් පරිදි වෙඩි තැබීම කර ඇත්තේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවය. එහෙත් බාරවෙන්නේ, සමීරගේ හෙංචයියන්‍ ය. ඉතාමත් පැහැදිලිය. සයිටම් හා එක්ව UNP ආණ්ඩුව සැරසුනේ අන් කිසිවකට  නොව, පුරුදු ලෙස ශිෂ්‍යයන් බිලි ගැනීමටය. ඉදින්, ආණ්ඩුවට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්දයත්, හොරුත් උන්ම වන නිසාමය.

මේ සියල්ල මත්තෙන්, තැලෙන්නේ අප ශිෂ්‍ය  ප්‍රජාවය. එයට සයිටම් මෙන්ම අප වෛද්‍ය පීඨයන්ගේ සිටිනා වූ  සියල්ලන්ම අයිතිය. උං සල්ලි ගරති. අප අරගල කරති. නමුත් රජයට අමතක වූ දෙයක් ඇත. උං පත් වන්නේ අපගේ චන්දයෙන් යන වග.
කීමට ඇත්තේ එකකි. සයිටම් හොර ගුහාව වහා අහෝසි කල යුතුය. එහි ඉගන ගන්නා සිසුන්  හට සාධාරණය ඉටු විය යුතුය.
 

සිසු සටන් කවදාවත් පරාද වී නැත. ජයග්‍රහණය අත ලඟය. මෙයද අප ජය ගන්නෙමු. දේශ පාලකයන්ට අවශ්‍ය අපේ ලේ නම්, එය පුදා හෝ වුව නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටද අප පසුබට නොවන්නෙමු.