හොදයි.. මම මුලින්ම කතා කරනවා මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල ස්වභාවය.
වෛද්‍ය විද්‍යාලය කියන්නෙ මිනිස් සිරුර කපා කොටා පෙන්වන තැනක් පමණක් නොවේ. එහිදී මිනිසුන්ගේ ලෙඩරෝග පිලිබදවද ඉතා ගැඹුරින් සාකච්චා වෙනවා.
ඒ කියන්නෙ විශ්වවිද්‍යාලය තුල දී ලෙඩරෝග පිලිබදව ලබාගන්නා අද්දැකීම් ඉතාමත් වැදගත් වෙනවා. නැතහොත් මතක තබාගැනීම ඉතාමත් අසීරුයි. නමුත් රෝහලක් වත් නොමෙති මේ විශ්වවිද්‍යාල තුල බිහිවන වෛද්‍යවරුන්ගෙ දැනුම මට්ටම සහතික විය හැකිද? මන්දයත් මෙහි ඉගෙන ගන්නා යම් වෛද්‍ය ශිෂ්‍යයෙකු යම් විදියකින් විභාගය අසමත් වුවහොත් විශ්වවිද්‍යාලයෙ කීර්තිය නැති වන නිසා, කෙසේ හෝ උපාදිය පිරිනැමීම සිදුවීම අනිවාර්යයි. (දැන් මොනවා කීවත්.) එහෙනම් මෙයින් පිටවෙන ශිෂ්‍යයා වගකිවයුත් වෘතියකට සුදුසු පුද්ගලයෙක්ද........යන ප්රශ්නය ඉතුරු වෙනවා.
එමෙන්ම මුදල මතම පදනම් වෙලා පිරිනමන මේ උපාදිය තුල සැබෑ යතාර්තවදී ගෞරවයක් පවත්යිද. එහෙනම් තවදුරටත් වෛද්‍ය වෘත්තිය තුල බුද්ධිමත් බව කියන දෙය රැදී පවතියිද. මොකද ‘මේක සල්ලිවලටත් ගන්න පුලුවන් එකක් නේද?‘ ලෙසින් මිනිසුන්ගෙ සිත තුල ලියවෙන නිසා.
සල්ලි තියන ඕනෑම කෙනෙකුට ගන්න පුලුවන් දෙයක්, එයම දුප්පත් කෙනෙකුට අමාරුවෙන් ගන්න දෙයක් වීමත් අතර ගොඩනැගෙන ධනපති පන්තිය විසින් පාගා දමන නිර්ධන පන්තියේ අභිරුචියන් තවත් විනාශ කිරීමක් විදියටත් මෙය දකින්න පුලුවන්.
ඒ කියන්නේ සල්ලි කාරයා වාසනාවන්තයි..... නමුත් ඔබගෙත් මගෙත් දුප්පත් දරුවා අවාසනාවන්තයි කියන දෙය නේද?. තවදුරටත් ධනපති පන්තිය විසින් නොමිලේ බෙදාදුන් කන්නඩි දාගෙන බලන එක නවත්තන්න. එතකොට ඇත්ත පෙනෙයි.
හොදයි, දැන් බලමු පෞද්ගලික කරපු රෝහල් පද්ධතියට දැන් වෙලා තියන දෙය.
අද රජයේ රෝහල් වල ඹෳෂධ හිගයක් පවතිනවා. නමුත් මධ්‍යම පාන්තිකයන්ටයි, සුලු ධනේශ්වර ආකල්ප දරන්නන්ටයි......දැන් මේ වාක්‍යය දිහා තරහින් බලාගෙන ඉන්න ධනපති පන්තියටයි නොපෙනෙන නොදැනෙන දෙයක් දුප්පත් ජනතාව විදින බව අමතකයි නේද. මොකද් උබල අපි වගෙ මධ්‍යම පාන්තිකයො සල්ලි වලට බෙහෙත් ගත්තත්, දුප්පත් මිනිස්සුන්ට නොමිලේ ලැබුනු ප්‍රතිකාර දැන් අඩපන වෙලා ඉවරයි. ඔවුන් මේ ක්‍රමයට සහතිකෙන්ම අකමැතියි.
නමුත් දිනක ජනවරම ඉල්ලන අය මේ මිනිසුන්ට වේලක් දෙකක් කන්න බොන්න දීල ඡන්දය ගන්න පුරුදු වෙලා ඉන්නව. මුන් දෙන්නත් පුරුදු වෙලා ඉන්නව. මොකද දුප්පත් ජනතාව පුරුදු වෙලා ඉන්නෙ එදා වේල හොයාගෙන කන විදිය. ඒකයි ලංකාවේ එකම පන්තියක් රට පාලනය කරන්නෙ. ඔන්න මම රාමුවෙන් පිට පැනගෙන යන්නෙ.
උබලට ඕනනම් තව විදවපල්ල. දැන් අපි මාතෘකාවට බහිමු.
රජයේ රෝහල් මේ විදියට විනාස වෙලා ගියේ පෞද්ගලික රෝහල් ඇති කිරීම නිසා, රජයේ ප්‍රධාන රොහල් කිහිපය හැරෙන්නට අනික් සියල්ලටම රජය දක්වන අවදානය බිදී යාම. නමුත් දැන් පෞද්ගලික රොහල් ඉවත්කරන්න බැහැ. මේ සිදුවීම් සමුදාය දිනයකින් දෙකකින් සිදුවෙච්ච දෙයක් නෙවයි. මෙන්න මේ වගෙ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාස වෙලා ගිහින් දුප්පත් ළමයි නොලැබෙන සිහින අනාගතයේදී දකිනවට මම අකමැතියි. මම හිතනව හදවතක් තියන අපි හැමෝම අකමැති කියලා.
හොදයි....දැන් ධනපති වන්දිභට්ටයන්ට හිතේ ඇති මෙහෙම comment එකක් දාන්න. " මේකෙන් රටට ගොඩක් මුදල් ඉතිරි වෙනව" කියල.
මිත්‍රයා, ගෙදර ගෑණි ගණිකාවක කොරල සල්ලි හොයාගෙන ස්වයං වින්දනය කරාට වැඩක් නැ නේද. ඒ කියන්නෙ නිදහස් අද්යාපනය විකුනල රටෙ සල්ලි ඉතුරු කරගත්තට පලක් නැ නෙද? එහම ඹ්නෙ නම් "නන්දා මාලිනී" මහත්මිය කියන සින්දුවේ තියන දෙවල් කරමු...
මම කිව්වෙ අර...........................“රට කරවන්නනම් මසුරන් නැතුව ඇතේ“...... කියන සින්දුව.
සිංහරජෙ ලී මෝලකට පවරල, සීගිරිය ගල්කොරියකට විකුනල, ඒත් මදි නම් සමනල කන්දෙ හෝටලයකුත් ගහමු. එතකොට ඇති තරම් සල්ලි හොයන්න පුලුවන්.
අනික ඔය රට ගිහින් ඉගන ගන්නෙ සල්ලි තියන උදවිය නේ. ලංකාවේ සල්ලි නැතිකෙනෙක් රට ගිහින් ඉගන ගන්න යන්නෙ නෑ නෙ. ඔය වෛද්‍ය විද්‍යාලය දැම්ම කියල මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මෙහේ MBBS උපාදිය දෙන්නේ රු.65 කට නෙවෙයි. රුපියල් ලක්ෂ 65 කට. ලක්ශ 65 ක් අද සාමන්‍ය පවුලකට හොයාගන්න පුලුවන්ද. එහෙනම් ඔය Faculty ට යන්නෙත් සල්ලි තියන අයමයි. අහින්සක අම්ම තාත්තා කෙනෙකුගෙ ලමයින්ට ඕකට කිට්ටු වෙන්නවත් බෑ.
අතාර්කික තර්ක තමගේ වාසියට ගේන මිනිස්සුන්ට හැමදාමත් ජනතාව රැවටෙන එක තමයි පුදුමෙ.
දැන් බලමු රටට සල්ලි උපද්දවන්න පුලුවන් ක්‍රම විදය ගැන.
මුලින්ම ලංකාවේ විශ්ව විද්‍යාල වල තියන පහසුකම් වැඩි කරන්න ඕනෙ. ඊට පස්සෙ සිසුන් වැඩි පිරිසකට අද්යාපනය ලබාගන්න පුලුවන් පරිසරයක් හදන්න ඕනෙ. ලංකාවෙ සිසුන් වැඩි පිරිසකට අද්යාපන පහසුකම් සලසමින් නිශ්චිත,නියත විදේශ සිසුන් පිරිසක් සදහාද උපදිය ලබගන්න සලස්වන්න ඕනෙ. එම පිරිස නිශ්චිත ගනනක් වෙන්න ඕනෙ. අමතර සිසුන් ගැනීමක් සිදු නොවිය යුතුයි. අන්න එතකොට ලංකාවට ශුද්ධ ලාබයක් ගන්න පුලුවන්.
නැත්නම් අර වගෙ ගොන් ආතල් එකක් දීල නිදහස් අද්යාපනය වෙනුවට ධනපති පන්තියට විතරක් ඉගන ගන්න පරිසරයක් හදාගෙන, අපි කට පුකේ ඔබාගෙන, පුක පොලොවෙ ගහගෙන,නිකන් ඉන්න ඕනෙ. ඒ කියන්නෙ අපිත් අනිත් උන් ගැන හිතන එක නවත්තල තමන් ගැන විතරක් හිතන උන් පිරිසක් වෙන්න ඕන. නැත්නම් තොපි ඹ්න මගුලක් කරගන්න එකයි ඇතතෙ කියල ඉන්න ඹ්න.
මොකද මම නිදහස් අධ්‍යාපනය ලබල ඉවර නිසා හා මට මගේ ළමයින්ට උගන්නන්න තරම් ආර්ථිකයක් අනාගතයේදී ගොඩනගන්න පුලුවන් නිසා. ඒත් මම මේ නිදහස් අද්යාපනයට ආදරෙයි...ඉතින් මට කට පියාගෙන ඉන්න පුලුවන් වෙයිද?
෴ජඩයා෴