මක්නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක් දබරයක් ඇතිවීමෙන් එය පුරුද්දකට යෑම නිසාය. දෙදෙනා රණ්ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්‍ය දෙයක් බවට පත්වේ.
වර්තමානයේ ඇතැම් යුවතියන් ....
වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නොවීමෙන්, දෙදෙනා අතර ක්‍රමයෙන් දුරස්බවක් ඇති කර ගනී. එයට බලපාන එක් හේතුවක්වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්වාධීන ගැහැනුන් ලෙසිනි.
එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම් වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු ම පාහේ ප්‍රිය කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථ කිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ.
බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක්බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස්කර ගැනීමට ඇයට සිදුවන්නේ, එයට එරෙහිව දබරයක් කර ගැනීමෙන් නොව, බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.
අද ගැහැනිය ස්වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්‍රියාවන්ට එරෙහි ව දබර කර ගැනීමට ය. නමුත්, යම් බිරිඳක්තම සැමියා සමඟ දබරයක්ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්‍රබල හිස්බවක් තිබෙන බවකි. එය එක්තරා අන්දමකින් පරාජිත හැඟීමකි.
"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕවට කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතයට වැඩ කරලා මට්ටුවෙයිනේ."
අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වූ විට දී, බොහෝ බිරියන් සිතන්නේ, එලෙසිනි. නමුත්, එසේ සිතීමෙන් අදහස් කෙරෙන්නේ, දෙදෙනා අතර යම් දුරස්වීමක් හටගෙන ඇති බවකි. අඹුසැමි දෙපළ අතර මත ගැටුමක් දබරයක්ඇති නො විය යුතු සේම, එලෙසින් දෙදෙනා අතර දුරස්වීමක් තිබීම ද තේරුමක්නොවේ.
කතාබහ කර ගැනීමෙන්....
හිතුවක්කාරකමින් හෝ බිරිඳට බොහෝ දේ නො පවසමින් සැමියා කටයුතු කිරිමෙන් සිදුවන්නේ, ඇය ට විවාහය හුදකලාවීමක් සේ හැඟීමය. සැමියා තමා සමඟ දබර කර ගැනීමක ට නිබඳව ම පෙළඹෙද්දී හෝ තමාගේ මතය ම ක්‍රියාවට නැගීමට උත්සාහ කරද්දී, බිරිඳක් එය දකින්නේ, සැමියා තමාට ආදරය නොකරන බවකි.
ඔහුට තමාව නො වටිනා බවකි. එහි ප්‍රතිඵලය වන්නේ, එම විවාහය දෙදෙනාට ම නොදැනීම යම් දුරස්වීමකට පත්වීමය.
එහෙයින්, එම තත්ත්වයට විවාහයක් පත්කර ගැනීමේ අරුතක් නොවන අතර, දබරයක් ඇතිවීමට බලපාන කරුණු, දෙදෙනා විසින්ම අධ්‍යයනය කළ යුතුය. දෙදෙනා අතර යම් ප්‍රබල දබරයක්ඇති වුවහොත්, දෙදෙනා විසින් ම , එය හටගත්තේ කෙසේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලීම වටී. ඒ සමඟම එම තත්ත්වය වලක්වා ගැනීමට කළ යුතු ව තිබූ දෙය සිතා බැලිය යුතුවේ.
බොහෝ අවස්ථාවල දී.......
අඹුසැමි දෙපළක් අතර දබරයක් හටගන්නේ, සැමියා යම් දොසක් කී විටදී, බිරිඳ එයට ප්‍රති පිළිතුරු දීමට යැම හෝ එකට එක කීමට යැම නිසාය. නමුත්, සෑම බිරිඳකම වටහාගත යුතු දේ වන්නේ, පිරිමින් එය අනුමත නොකරන බවකි.
ඔහු එය දකින්නේ, තමාගේ පිරිමිකමට හානියක්සේය. එහෙයින්, බිරිඳගේ එම හැසිරීමට ඉඩ නොදිය යුතුය යන්නය. එම හැඟීම මත, ඔහු තම බිරිඳව පරාජයට පත් කිරීමට උත්සාහ කරන අතර, ඒ සඳහා විවිධ උපක්‍රම ද භාවිත කරයි.
වඩාත් කදිම දේ............
දබරකර ගැනීමකින් තොරව පවුල් කෑමට නම් ඔබ කළ යුත්තේ, සැමියා කෝපයට පත් වූ විට බිරිඳ ලෙසින් ඔබ නිහඬවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. මන්ද, අඹුසැමි දෙපළම එකවර කෝපයට පත්වීම වරදකි. එයින් සිදුවන්නේ, අනවශ්‍ය දබරයක් ඇතිවීමය. එමෙන් ම , එය ප්‍රබල සිත් වේදනාවක් සේම, දුරස්වීමකටද හේතුවකි.
සැමවිට ම පවුලේ අනවශ්‍ය මතභේද වලක්වා ගැනීමේ වගකීම, බිරිඳකට පැවරේ. එහෙයින්, සැමියා යම් දෙයකට කෝපයට පත්වීම හෝ ඔබේ වරදක් පෙන්නුම් කරද්දී, නිහඬවීමෙන්, ඔබ එම වරද පිළිගත් බවක් ඔහුට ඒත්තු ගැන්වේ. සැබවින්ම එය පරාජයවීමක් නොව, දිනීමකි. මන්ද එසේ කිරීමෙන් ඔබේ පවුලේ සමගිය හා සාමය රැකේ. එය සෑම බිරිඳක අතින්ම සිදුවිය යුත්තකි. සාමාන්‍යයෙන් පිරිමින් ඉක්මන් කෝපකාරයන් වීමට හැකි හෙයින්, බිරිඳක් සැමවිටම ක්‍රියා කළ යුත්තේ, සැමියාගේ කෝපය නිවන්නිය සේ ය. එසේ නොමැතිව ඇයද ඔහුට එරෙහිව, කැත්තට පොල්ල වීමට ගියහොත්, එය පවුල් විනාශවීමකි.
No comments:
Post a Comment