ඔන්න දවසක් අපේ ෆැකල්ටියෙ කොල්ලෙක්ගෙ හිතේ තවත් ඒකෙම හිටපු කෙල්ලෙක් ගෙන ආලවන්ත හිතක් ඇති උනා. හැබැයි ඒක අල ප්‍රේමයක්.
මූට කෙල්ලට ලව් කරන බව පෙන්නන්න ඕන නිසා, ලෙක්චර්ස් වලදි එහෙම කෙල්ලට පේන තැනකින් වාඩි වෙලා,......
පොඩියට ඉගි බිගි පාන්න පටන් ගත්තා.
වැඩේ සාර්ථකයි වගේ. කෙල්ලත් දැන් මූ දිහා බලන්න පටන් අරන්...
අපිට දවසින් දවස ගෙවෙනකොට මූට ගෙවෙන්නෙ සතියෙන් සතිය. ඒ ඔක්කොමත් හරි,..
ප්‍රශ්නෙ තමයි මූට ඉරිදා දවස ගෙවෙන්න අවුරුද්දක් විතර යනව වගේ දැනෙනවලු.
කේස් එක මේ කෙල්ලව දකින්නෙ නැතුව.
මොක උනත් මූ අපේ ෆ්‍රෙඩා නිසා වැඩේට හෙල්ප් එකක් දෙන්න කියල චමරියෙ(බෝඩිමේ)අපි සෙට් උනා.
හරි.........
මූ දැන ගත්ත දැන් වෙඩේ ගොඩ බව. මූ කලින් උදව් ඉල්ලලා නැත්තෙ ලැජ්ජාවටලු.
දැන් අපි ඒ කෙල්ලට මුගෙ නම කියල විහිලු කරනව. මූත් ඒ කෙල්ල ඉස්සරහ පොර වෙන්න ඒ වෙලාවට අපිට ගහන්න පනිනව, හරියට අකමැත්තෙන් වගෙ.(ගැහුවනම් ඕකා දැන් ඉස්පිරිතාලෙ)
ඔහොම ටික කාලයක් ගියා.
2nd EXAM එකත් ලන් උනා. අපි ගේමට බැස්සා. ඒත් මූ මනෝ ගහල. මල හතිලව්වයි.
ඕකා ෆේල් උනොත් ඔක්කොම ඉවරයි. කෙල්ලො 10 ක් විතර හිටපු (දැන් 1 යි)මට ඕව ගැන හොදට අද්දැකීම් තියනවා..
මගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න කියලා කල්පනා කරා.
ඉතින් අපි සෙට් එක හොදට නාලා කරලා, දත් මැදලා(ගද ඉවසගන්න අමාරු වෙන හින්දා) ඔය කෙල්ලව හම්බ වෙන්න ගියා.
අම්මේ...........දැක්කම ආසාවේ බෑ. කිරි කෑල්ල වගේ. නරක අදහස්මයි එන්නෙ.
අපේ එකාට ද්‍රෝහි වෙන්න බැරි නිසා ඉවසන් හිටියා.
මම ගිහින් ටෝක දැම්මා. සම්පූර්ණ විස්තරේ කිව්වා. කෙල්ලටත් මනමාල හිනාවක් එහෙම ගියා. අරූටත් එන්න කියල බකට් කරා. දෙන්නට සන්තෝසෙ බෑ.
ටික කාලෙකින් තමයි සිද්ධිය ආරන්චි උනේ.
අපි කෙල්ලව හම්බවෙන්න යනකොට කෙල්ලත් මනෝ ගහල ඉදල තියෙන්නෙ. ඒකිත් මෙලෝ වැඩක් කරල නැහැ.
ඒ කියන්නෙ මම දෙන්නෙක්වම ගොඩදාල තියනවා........ මගේ හිතට මාර සතුටුයි. අවංකවම කියනවා නම් මම වෙන්න ඇති ෆැකල්ටියේ සතුටින්ම ඉන්න කෙනා. කොහොම හරි හිතේ ප්‍රීතියෙන් ලියපු ඒ Exam එක කවදාවත් නෙතුව පට්ට සාර්ථකයි.
෴ජඩයා෴
No comments:
Post a Comment