Friday, August 4, 2017

සයිටම් සිසුන් පව්කාරයන්ද? හොරුන්ද?

අද මේ වන විට සයිටම් හොර උපාධි  කඩය පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැත. එහි සිදුවන්නා වූ නොමනාකම්, රඟදැක්වීම් මෙන්ම අපරාධ වසන් කිරීම් රට හමුවේ එළිවී ඇත. මා සිතනා අන්දමට නම් මේ කිසිවකට වගකිව නොයුතු සයිටම් ශිෂ්‍යයන් පමණක් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසී ඇත. එහෙත් පෙර සඳහන් වැරදි වලට සැබෑ වැරදිකරුවන් ලෙස පිළිවලින් නෙවිල් ප්‍රනාන්දු, සමීර සේනාරත්න, ආනන්ද සමරසේකර එක් එක් පුද්ගලයන් වශයෙනුත්, මේ සියළුම වැරදි වල මූලිකයන් ලෙස රාජිත , එස්.බී. , කිරිඇල්ල යන ඇමති(හොරු) වගකිවයුත්තන් ලෙස මා දකිමි. 

නමුත් මා නැවතත් කියන්නේ, මේ පූර්වෝක්ත සියලුම වැරදි වලින් සමාජයෙන් නරක නාමය ලබාගෙන ඇත්තේ සයිටම් සිසුන් වීම ඔවුන් ලද අභාග්‍යයකි.


මා මිතුර, සයිටම් හොර උපාධි ආයතනයේ ඉන්නේද, අප වන් තරුණ තරුණියන් පිරිසකි. ඔවුනටද මේ රටේ ගරුත්වයක් ඇතිව ජීවත්වීමේ අයිතියක් ඇත.

නමුත් සයිටම් සිසුන් තේරුම් ගත යුතු සත්‍යයක්, තවමත් ඔවුන් තේරුම් ගෙන නොමැත. එනම්,


මා රාජිතගේ මාධ්‍ය ප්‍රකාශයක් පෙර දිනෙක දුටුවෙමි. හෙතෙම "සයිටම් පහක් තව එනව, හරිය..[සුපුරුදු කැත හිනාව]" ලෙසින් පැවසීය. ඒ අනුව ඔහු තවත් සයිටම් 5 ක් ගෙන ඒමට පිඹුරුපත් සකස් කර නන් දොඩවන බවක් පෙනේ.

එම සයිටම් පහක් ගෙන ඒම සදහා, මේ සයිටම් එක ස්ථාපිත විය යුතු බව, මොළය අංශුවක් ඇත්තවුන්ටද තේරේ යැයි මා සිතමි. ඉතිං; රාජිත, කිරිඇල්ල ඇතුලු සයිටම් හිතවාදීන් යැයි මවා පෙන්වන ලව් එක ඇත්තේ සයිටම් ශිෂ්‍ය ඔබ කෙරෙහි නොව, අර ලංකාවට පැමිණීමට නියමිත අනෙක් සයිටම් පහේ කුට්ටිය වෙතය.
 
මදක් සිතන්න. එවිට ඔබලා හට මනා සේ වැටහෙනු නියතය.

ඔබ සයිටම් සිසුන් සියලුදෙනා, අර මතු පැමිනෙන්නට නියමිත හොර උපාධි කඩ ගොදුර ඩැහැ ගැනීමට ගන්නා "ඇමක්" පමණි.

සිතන්න මා සයිටම් සොයුරු සොයුරියනි. ඔබලා කෙසේ හෝ, දෙමාපියන්ගේ සල්ලි වලින්, දෙමාපියන්ගේ දේශපාලන බලයන්ගෙන් මෙකී උපාධිය ලබාගත්තේ යැයි. නමුත් ඔබ සැම සයිටම් නැමැති "හොර උපාධි කඩයේ ශිෂ්‍යයන්" ලෙස හංවඩු ගැසී අවසන්‍ ය.


එහෙත් එය රාජිතට, කිරිඇල්ලට, එස්.බී ට ප්‍රශ්ණයක්ද? මා එයට පිළිතුරු නොදෙන්නෙමි. එම පිළිතුර ඔබම සිතාගන්න.  


කෙසේ වෙතත්, සයිටම් ජනසතු නොවුනහොත් රාජිතලාගේ ගොදුර සම්පූර්ණය. රාජිතගේ ගොදුර සඳහා ඇමක් වූ සයිටම් සිසු ඔබ සැමදාම නරක නමක් සහිතව දිවි ගෙවනු ඇත. නමුත්, වෙනත් නම් වලින් ලංකාවට පැමිණෙන උපාධි කඩ වලට යන්නවුන් හට ඒ නරක නාමය ගෑ වෙන්නේ වත් නැත. 

මෙකී හොර උපාධි කඩ කියන නරක නාමය නිසා, ඔබලා මුළු ජීවිත කාලය පුරා දුක් විදිනු ඇත. මිනිසුන්ගේ ගෞරවය කෙසේ වෙතත්, නිග්‍රහ නම් ඇසීමට සිදුවනු නොඅනුමානය. 

මේ සියල්ල සිදු වුවද, රාජිතටත් කිරිඇල්ලටත් පඩේක ගානක් නැත. මොකද, උන් හට ගොදුර ඩැහැ ගැනීම සදහා සයිටම් සිසු ඔබ සියලුදෙනා ඇමක් පමණක්ම වන නිසාවෙනි.


රජයේ වෛද්‍ය පීඨ සිසුන් මෙහි ජයපැන් බොන දිනය අත ළඟය.

නුමුත්, මා මේ සදහා සයිටම් සිසු ඔබත්, දිනනා විසදුමක් දීමට කැමැත්තෙමි. මන්දයත්, රජයේ විශ්ව විද්‍යාලයේ සිටිනා සිසුවාත්, සයිටම් සිසුවාත් මේ සයිටම් හොර උපාධි කඩ සටනෙන් පරාද විය යුතු නැත. ඔබලා මෙහි අපරාධකරුවන් නොවේ. එයට තරුණයන් ලෙස අපද කැමති නැත.
මදක් සිතන්න මා සොයුර.


එන්න. ඔබත්, අපත් එක්ව සටන් වදිමු. දැන් රජයේ වෛද්‍ය සිසුන් සටනේ අවසානයට පැමිණ ඇත. ඔවුන් මේ සටන නියතව ජයගනු ඇත. එයට  ඉතිහාසයේ සාක්ශි දරයි.
 
ඉතිං මා සොයුර, සොයුරිය. මෙම සයිටම් හොර උපාධි කඩය, "නැගෙනහිර කොළඹ රාජ්‍ය වෛද්‍ය පීඨය" ලෙස නම් ලැබී, එයින් බිහිවන වෛද්‍යවරයකු වී ජනතාවගේ බුහුමන් මත අභිමානවත් ලෙස ජීවත් වීමට ඉඩ හසර පවතී. එයින් සැබෑ වන්නේ ඔබේ හීනය පමණක් නොව, ඔබලාගේ දෙමාපියන් දැකපු සිහිනයයි. නමුත්, සයිටම් ශිෂ්‍ය ඔබලාව ඇමක් කරගත්, ඇමති සිහිනය නම් බොදවනු නියතය.



නමුත්, මාගේ පූර්වෝක්ත අදහසට එක් පාර්ශවයකට විරුද්ධ වීමට සිදුවේ. ඒ වෛද්‍යවරයකු වීමට අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව, තම මුදල් බලය මත පමණක් සයිටම් වෙත පැමිනි උන්ටය.

නුමුත්, පැහැදිලිවම අධ්‍යාපන සුදුසුකම් සැපිරූ, එහෙත් වෛද්‍ය පීඨයකට ඇතුලත් වීමට නොහැකි වූ සයිටම් ශිෂ්‍ය ඔබ, පෙර කී සුදුසුකම් නොලත් එවුන් සදහා තම ආත්ම ගරුත්වය පාවා දෙන්නේද? ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ජීවත් වෙමින් සමාජයට සේවයක් කරන අන්දම සිහින දුටු තම දෙමාපියන්ව පාවා දෙන්නේද?
 

ඉතිං, මේ ඇරයුම සයිටම් හි, සුදුසුකම් සැපිරූ අපේම සහෝදර සහෝදරියන් වෙතයි. ඔබ සැම යුක්තිය උදෙසා සටන් වැදිය යුතු මොහොතකි. "සටන" යන වචනය ඔබලා හර නුහුරු වුවද, එය හුරු කරගත යුතු මොහොතයි. සයිටම් සිසුන් ඇමක් ලෙස පාවිච්චි කළ, රාජිතටත්, කිරිඇල්ලටත් පාඩමක් උගැන්විය යුතු මොහොතයි. මතක තබා ගන්න, අප සැම එක්වූ කල නරුම පාලකයාට තරු පෙනෙනු ඇත.

 
ඉතිං, එක්වෙමු, යුක්තිය උදෙසා සටන් වදිමු අපත් සමග.
 
මන්දයත්, අනාගතයේදී ඔබගේ "වෘත්තීය සගයන්" එනම්,  ඔබ වැඩ කළ යුතු වන්නේ රාජිත හෝ කිරිඇල්ල හෝ එස්.බී. සමඟ නොව රජයේ වෛද්‍ය පීඨ සිසුන් සමඟින්  ය. තීරණය ඔබ සතුය.

~ජඩයා~

No comments:

Post a Comment