සමහර තත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් විනාඩි පහක්වත් වැය කරන්නේ නැතැයි ජනධිපතිතුමා දොස් කියා තිබුනේය. ඒක වැරදිය. ඒ කිව්වේ ජනාධිපති තුමාගේ කතාව නොවේ. එතුමා හරියටම හරිය. එතුම ජීවිතේට බොරුවක්, වැරදි කතාවක් කියා නැත. වැරැදියැයි කිව්වේ දරුවන් වෙනුවෙන් කාලය
වෙන් නොකරන එකය. එහෙම හොඳ නැත. දරුවන් වෙනුවෙන් කාලය වැය කරන්ට ඕනෑය.ඒකට හොඳම ආදර්ශය අපේ ජනාධිපති තුමාය.එතුමා තමන්ගේ දරුවන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය ශක්තිය පමණක් නොව රටේම එව්වා යොදවන්නේ සැබෑ දාරක ප්‍රේමය නිසාය.
පුතු සෙනෙහේ සම් මස් නහර විද ඇට ඇටමිදුළු තුලටම යන බව සරච්චන්ද්‍ර උන්නැහේ කිව්වේ මේ බව දැනගෙන වෙන්නට ඕනෑය.
දැන් බලන්ට, ලොකු පුතා පාර්ලිමේන්තුවට අරෙගන ඇවිත් නීතිඥෙයක් කරලා දැම්මේය. තව ටික දවසකින් උප ඇමතිකමකුත්, ඊලඟට ඇමතිකමකුත් , ඊටත් පස්සේ අගමැතිකමත් දී අනාගතෙය් ජනාධිපති කමට යන්ට පාර හදා දී ඇතිය. දරුවන්ට ආදෙරේ තාත්තලා එහෙමය.
දෙවැනි පුතා නාවික හමුදාවට දමා රට ජාතිය වෙනුවෙන් සටන කරන වීරෙයක් බවට පත් කෙල්ය. අනාගතෙය් එතුමා රටේ ආරක්ෂාව බාර අරෙගන සිටිනු ඇතිය. යුද්ධය තියෙන කාලෙය් ඒ කුමාරයා හිටියේ
එංගලන්තෙය් බවට හොටු කොල්ලන් කියන කතාවලින් වැඩක් නැත. පුහුණු නොවී යුද්ධ කරන්නේ කොහොමද? අවාසනාවට එතුමා පුහුණු වී ආපහු එනෙකාට යුද්දය ඉවරය. නැත්නම් කොටින්ට හැංගෙන්න වෙන්නේ මුහුද යටය.
අවසාන වශෙයන් තුන්වැනි පුතාට කාර් රේස් පදින්න, රගර් ගහන්න , සංගීත වල යන්න ආතල් එකේ ඉන්ට වැඩ සැලස්වූයේ මේ තාත්තා නොවේද? පුතාට රේස් පදින්ට පාරවල් වසා දෙන්නේ වෙන මොන තාත්තාද?
ඒ විතරක්ද? පුතාලාට වෙනම TV චැනල් එකක් හදා දී රටේ ක්‍රීඩා විකාශ ඔක්කොම ඒකට එන විදියට වැඩේ කර ඇතිය.
ඇත්තටම මේ වගේ තාත්තලා ලබන්ට පිං කොරන්ට ඕනෑය.
ඒ විතරක් නොවේය. මෙයාල සෙනසුරාදා ඉරිදාත් වැඩ කරනවාය. ඕටී කරනවාය. ඕටී නැති සමහරු, බුකී වල පවා වැඩ කරනවාය.
තව සමහරු සතියේ දවස් හතේම කුලී වැඩ කර කර ඉන්නවා මිස දරුවෝ ගැන එක විනාඩි පහක් හොයන්නේ බලන්නේ නැත.
මාර තාත්තලාය........
මෙහෙම් දරුවෝ ගැන බලන්නේ නැතිවා මදිවට මෙයාලා ඒකටත් බනින්නේ ආන්ඩුවටය.
අම්මපා මේ අවනඩු කාට කියන්ටද?
෴ජඩයා෴