Tuesday, April 23, 2013

හෙළයේ අර‍ටුව ගැලවීම~~~~~~~~


සිංහලු කියන්නෙ අභිමානවත් ජාතියක්. ඔය කියන අභිමානයත් එක්ක සිහල සිරිත්-විරිත්, ගුණ ධර්ම බැදී පවතිනවා. ඒ කියන්නෙ සිරිත්-විරිත්, ගුණ ධර්ම නැත්නම් සිංහල කමත් නෑ කියන එකම තමයි.
ගුණ-ධර්ම වලට අමතරව හොද පණ ඇති කොන්දක් තිබුනු ජාතියක්. බුදු දහමින් පෝෂණය ලද සිංහල ජාතිය බුදුන් වදින දෑත එක් කරේ දෙමවුපියන්න්ට, වැඩිහිටියන්ට, හාමුදුරුවන්ට වදින්න විතරයි.


ඔය කියන දෑත කවදාවත් පරාද වුනු වෙලාවක, බේරෙන්න උපකරණයක් වුනේ නෑ. නියම කොන්ද පණ තියන හෙළයා මරණය ඉදිරියේ පවා දෑත් බැදගෙන මිසක වැදගෙන ගියේ නෑ. 

ගොන්ගාලේගොඩ බණ්ඩාගෙන් පැවත එන උඩරට ලේ ධාතුවත්, වීර පුරන් අප්පුලාගෙ පහතරට ලේ ධාතුවත් අපේ සිංහල ඇගවල් වල දුවනව බොලව්. ඒක මතක තියාගනිල්ලා.
ජාතියක් ජම්මයක් නැති නිවට හිකනල් නපුන්සකයන්ට මේ දේවල් වහ කදුරු වගෙ බව මම දන්නවා. ඒත් මොනවා කරන්නද මගේ ලේ කකියනව අම්බානකට. ඒකයි ලියන්නෙ, අපේ හිකනල් පරපුරේ සිංහලයන්ට වැරදුනු තැන ගැන.



අපි අපේ අප්පචිට කොච්චර ගරු කරනවද. අප්පච්චි ඉන්නතෙන කකුලක් පිට කකුලක් දාගෙනවත් ඉන්නෙ නෑ. ඕක අපිට අප්පච්චි කියල දීපු එකක් නොවෙයි. නියම සිහලයෙක් නිස අපි අම්මගෙ බඩෙන් එළියට එනකොටම අරගෙන ආපු දෙයක්. ඒකයි මම මුලින්ම කිව්වේ බුදුන් වදින දෑත එකතු වෙන්නෙ දෙමවුපියන් ළ, එහෙමත් නැත්නම් ගරුකරණ වැඩිහිටියෙක් ළග, නැත්නම් හාමුදුරුවො ළග විතරයි කියල.
ඒක මතක තියා ගමු............
ඔය මම මෙතුවක් වෙලා කතා කරන ලද මහා අහිමානවත් ජාතියේ ඔය මම කියපු කොස් කදක් වගෙ සවි සම්පන්න කොදු නාරටිය දැන් දැන් අපේ ඇගෙන් අයින් වෙලා යනව බොලව්. අවුරුදු විසි ගනනක ජීවිතය තුල මම නොදකපු දේවල් දැන් අපිට දකින්න ලබිල තියනව.
වැඩිය විස්තටර ඕනෙ නෑ.
ඔය මම කියපු විදියට වැඩිහිටියෙකුගෙන් වැදුම් ලබන කෙනෙක් මෙන්ම බාලයෙකුට වදින්න පුලුවන් වැඩිහිටියන්ද පවු කාරයන්ය, කොන්ද පණ නැති හිකනල් නපුන්සකයන්ය. [ මම ඒ කවුදැයි සදහන් නොකරමි. මන්ද ජඩයා සුදු වෑනයක උරුමක්කාරයෙකු වෙන්නට කැමති නැත. ]
අනේ මගේ සහොදර සහොදරියනි,,,
අපිට වඩා වයසින් වැඩි උනත් හිකනලුන්ට වදින්නට උබෙත් මගෙත් බුදුන් වදින දෑත එක් නොකරගමු.
 

සැබෑ හෙළයෙක් වෙමු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

No comments:

Post a Comment